දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙකු පිඩා විඳින කරුණක් නම්, විවිධ ව්‍යාපර ආයතන මඟින් ලබාදෙන දුරකථන ඇමතුම් නිසා තමන් අපහසුතාවයට පත්විමයි.

මේ ගැටළුව මඟහරවා ගැනීම සඳහා Google සමාගම විසින් Verified calls නමින් අලුත් පහසුකමක් මේ වන වි‍ට හඳුන්වා දී ති‍බෙන අතර මේ පිළිබඳව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Google Phone app එක සඳහා Verified Calls පහසුකම හඳුන්වාදීමට Google සමාගම කටයුතු කරයි
විවිධ ව්‍යාපර ආයතන මඟින් ලබාදෙන දුරකථන ඇමතුම් නිසා ජංගම දුරකථන භාවිතා කරන්නන්බොහෝ පිඩා විදින අතර මෙම ගැටළුව මඟහරවා ගැනීම සඳහා Google සමාගම විසින් VerifiedCalls නමින් අලුත් පහසුකමක් මේ වන වි‍ට හඳුන්වා දී ති‍බෙනවා. මේ verified calls පහසුකම හරහා යම්කිසි business එකක් ඔබට call කරන්නේ නම් එමbusiness …

මෙම verified calls පහසුකම හරහා යම්කිසි ව්‍යාපර ආයතනක් ඔබට call කරන්නේ නම් එම ආයතනයට අදාල logo එක සහ නම screen එකෙහි පෙන්වන අතර මීට අමතරව අදාල ඇමතුම ලැබෙන්නේ කුමන හේතුවක් මතද යන්නත් ඇමතුමට පිළිතුරු ලබාදීමට ප්‍රථමව පරිශීලකයාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබනවා.

මේ පහසුමකම භාවිතයෙන් පරීශීලකයන් හ‍ට spam calls වලින් සහ වංචනික පුද්ගලන්ගෙන් ආරක්ෂා විමට හැකියාව ලැ‍බෙන අතර මේ වන විටත් මෙම පහසුකම Google Phone app එක හරහ‍ා Pixel දුරකථන සහ Android One භාවිතා වන දුරකථන මාදිලි කිහිපයකට ලබාදීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

පසුගිය මාසයේදී Google සමාගම විසින් Google Phone app එක Pixel නොවන ඇතැම් දුරකථන මාදිලි වෙත ලබාදුන් අතර මේ වන විට Google සමාගම කියා සිටින්නේ මෙම app එක අනෙකුත් Android devices සඳහා ඉක්මනින් ලබාගැනීමට හැකියාව ලැබෙන බවයි.

Say hello to safer phone calls
Consumers don’t answer calls from unrecognizable numbers and often miss important information - Verified Calls aims to help solve this problem.

Google සමාගම විසින් මෙම Verified Calls පහසුකම මාස කිහිපයක් තිස්සේ පරික්ෂා කරමින් සිටින අතර, එම කාලය තුළ ඔවුන්ට ලැබි ඇති දත්ත මගින් පෙන්නුම් කර ඇත්තේ මෙම විශේෂාංගය සක්‍රිය කර ඇති විට පරීශිලකයන් විසින් ඔවුන්ගේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු දීමට වැඩි ඉඩක් ඇති බවයි.

එක්සත් ජනපදය, මෙක්සිකෝව, බ්‍රසීලය සහ ඉන්දියාව යන රටවල Verified Calls පහසුකම ක්‍රියාත්මක වෙමින් පවතින අතර මේ වසර අගදී තවත් රටවල් සඳහා මෙම පහසුකම ලබාදීමට Google සමාගම සුදානමින් සිටිනවා.

Phone - Apps on Google Play
Improve your calling experience and call control by updating the Phone app for your Android 7.0 (Nougat) or newer device. You’ll get Call Screen, Google Duo video calling, spam protection, and caller ID. CALL SCREENAvoid unwanted calls - Screen spam, scams and other unwanted calls. Get real-time t…
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනිම සඳහා නිළ Google Blog අඩවිය, XDA-Developers වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.