රොයිටර් පුවත් සේවය පවසන පරිදි එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර එයින් පවසන්නේ එළබෙන සැප්තැම්බර් 20 වැනි දින සිට එක්සත් ජනපදයේ වාසය කරන පුද්ගලයින් හට WeChat සහ TikTok , download කිරීමේ හැකියාව අවහිර කරනු ලබන බවයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම මස මුල් භාගයේදී පවසා සිටියේ සැප්තැම්බර් 15 දිනට පෙර TikTok හි හිමිකම එක්සත් ජනපද සමාගමකට හිමි වූයේ නොමැති වුවහොත් එක්සත් ජනපදය තුල TikTok භාවිතය තහනම් කරන බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් TikTok සඳහා ලබාදී තිබුණු දින 45ක deadline එක දින 90ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරයි
ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් පසුගියදා නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කරසිටියේ එක්සත් ජනපදයේ TikTok ව්‍යාපාරය විකිණීම හෝ අත්හිටුවීම සඳහා දින 45ක කාලසීමාවක් ByteDance සමාගම වෙත ලබා දෙන බව වන අතර ඒ පිළිබඳව මින් පෙර ලිපියක් මඟින්අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා මතක ඇති. Microsoft ස…

මේ සිදුවීමත් සමග පසුගිය සති කිහිපය තුල, TikTok මව් සමාගම වන ByteDance සමාගම හා එක්සත් ජනපද සමාගම් වන Microsoft හා Oracle සමාගම් එක්ව TikTok Global නමින් නව සමාගමක් නිර්මාණය කිරීම හරහා පරිශීලක දත්ත වල සුරක්ෂිතභාවය පිලිබඳ ට්‍රම්ප් පරිපලනයේ අවශ්‍යතා සපුරාගැනීමට උත්සාහ කරනු ලැබුවත්, තවමත් එහි සැළකිය යුතු ප්‍රගතියක් දැකගත හැකි වන්නේ නැහැ.

කොහොම නමුත් මේ ගණුදෙනුවෙන් Microsoft සමාගම ඉවත්වීමට කටයුතු කර ඇති අතර Oracle සහ Walmart යන සමාගම් සමඟින් තවමත් මීට අදාල සාකච්ඡා පවත්වාගෙන යෑමට ByteDance ආයතනය කටයුතු කරමින් සිටිනවා.

මේ නිසවෙන් TikTok සමගම හට තවමත් ට්‍රම්ප් පරිපාලන අවශ්‍යතාවයන් සම්පුර්ණ කිරීමට හැකියාවක් ලැබී නොමැති අතර මීළඟ සැප්තැම්බර් 20 වැනි දින සිට එක්සත් ජනපදය තුල TikTok download කිරීමේ හැකියාව අවහිර කිරීමට ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව සූදානම් වෙමින් සිටින බව Reuters වෙබ් අඩවිය ප්‍රකාශ කර සිටිනවා.

තවද රොයිටර් පුවත් සේවය පවසන පරිදි මෙම තහනමත් සමග Google සහ Apple stores වලින් එක්සත් ජනපද පරිශීලකයන් හට චීන නිෂ්පාදන වන TikTok සහ WeChat apps download කිරීමේ පහසුකම අවහිර කෙරෙනු ඇති නමුත් එක්සත් ජනපදයෙන් පිටත පරිශීලකයන් හට TikTok භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට තාක්ෂණික සමාගම් වලට තවදුරටත් ඉඩ ලබාදෙනු ඇති බවයි.

කෙසේ වෙතත් එක්සත් ජනපද ව්‍යාපාර වන Walmart හා Starbucks වැනි ව්‍යාපාර සදහා පරිශීලකයන් හට ගණුදෙනු කිරීමේදී (payments සිදු කිරීම වැනි කටයුතු වලට) WeChat භාවිතයට මෙම තහනම අදාල නොවන බව ද වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Thomson Reuters Foundation News වෙබ් අඩවිය, BBC වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.