OnePlus සමාගම විසින් සිය පළමු truly wireless earphones යුගලය වන OnePlus Buds, OnePlus Nord දුරකථනය එළිදැක්වීමට සමගාමීව එළිදැක්වීමට කටයුතු කල අතර ඒ පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුවත් කලා මතක ඇති.

OnePlus සමාගම විසින් ඔවුන්ගේ නවතම true wireless earbuds යුගලය වන OnePlus Buds එළිදක්වයි
Oneplus සමාගමෙහි AR launch event එක ඔස්සේ ප්‍රධාන වශයෙන් OnePlus Nord ජංගමදුරකථනය එළිදැක්වීමට කටයුතු කර අතර OnePlus Nord ජංගම දුරකථනය පිළිබඳව අප ඔබව මින්පෙර ලිපියක් මඟින් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. OnePlus සමාගම විසින් ඔවුන්ගේ නවතම mid-range ජංගම දුරකථනය වන OnePlus Nordඑළිදැක්වීමට කටයුතු…

නමුත් කිසියම් හේතුවක් නිසා මෙම TWS (True Wireless Stereo) සඳහා ලබා දුන් companion app එක OnePlus 6 සහ ඊට ඉහළ උපාංගවලට පමණක් සීමා වී තිබුණු බව දැකගත හැකි වුණා.

කොහොම නමුත් මේ වන විට OnePlus Buds එළිදැක්වීමට කටයුතු කල දිනයේ සිට මාස ගණනාවකට පසු, OnePlus සමාගම සිය පැරණි smartphones සඳහා මෙන්ම වෙනත් සමාගම්වල devices සඳහාද නව app එකක් නිකුත් කරන බව නිවේදනය කර තිබෙනවා.

චීන Q&A session එකකදී මේ බව තහවුරු කරගැනීමට හැකියාව ලැබී ඇති අතර (via PiunikaWeb) එහිදී පරිශීලකයන්ගේ යෝජනා මෙන්ම HydrogenOS එක සඳහා විශේෂාංග සහ දෝෂ නිවැරදි කිරීම් පිළිබඳවද සාකච්ඡාවට ලක් වී තිබුණා.

මෙම සාකච්ඡාවේදී, එක් පරිශීලකයෙක් විසින් විමසුවේ, compatible OnePlus device එකක් හැර වෙනත් දුරකථනයක් සමඟ මෙම OnePlus Buds භාවිතා කරන්නේ නම් එම පරිශීලකයන් සඳහාත් gesture customize කිරීම සඳහා මෙන්ම OnePlus Buds වල firmware update එකක් ලබාදීමට කටයුතු කල හැකිද යන්නයි.

මේ සඳහා OnePlus සමාගමේ නියෝජිතයා පිළිතුරු දුන්නේ, ඔවුන් OnePlus 3/ 3T / 5 / 5T සහ Android 6.0+ ධාවනය වන වෙනත් වෙළඳ නාමවල smartphones සඳහාත් සහය දක්වන විශේෂිත app එකක් හඳුන්වාදීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, ඔහු විසින් මෙම app එකෙහි ඇති හැකියාවන් පිලිබදව හෝ එය නිකුත් කිරීමට නියමිත දිනයක් පිළිබඳව තොරතුරු කිසිවක් හෙළි කිරීමට කටයුතු කරනු ලැබුවේ නැහැ.

OnePlus Buds - Apps on Google Play
The OnePlus Buds app allows you to update OnePlus TWS’ firmware and change its settings. Now, you can connect the OnePlus TWS to OnePlus devices through a dedicated pop-up window. Try out features like:1. In-ear wear detection 2. Headset touch settings 3. Find headset 4. Consistent headset f…

OnePlus 7 සහ ඊට ඉහළ ජංගම දුරකථන වල system settings වලට මේ OnePlus Buds app එක integrate කර තිබෙන නිසාවෙන් මූලිකව එම ජංගම දුරකථන වල පමණක් මෙම app එක භාවිතා කළ හැකිව තිබූ අතර, මේ වන විට එයට ඉක්මණින් updates ලබාදීමේ හැකියාව ලබාගැනීම වෙනුවෙන් එය Google Play Store එකට එකතු කිරීමට OnePlus සමාගම කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizmoChina වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ PiunikaWeb වෙබ් අඩවිය භාවිතා කළ හැක.