අසභ්‍යය සහ අශෝභන වීඩියෝ ඉවත් කිරීමට අපොහොසත් වීම නිසාවෙන් පකිස්ථානය තුළ TikTok තහනම් කිරීමට කටයුතු කළ බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

අසභ්‍යය සහ අශෝභන වීඩියෝ ඉවත් කිරීමට අපොහොසත් වීම නිසාවෙන් පකිස්ථානය තුළ TikTok තහනම් කිරීමට කටයුතු කරයි
පසුගිය මාස කිහිපය පුරාවට ලොව පුරා රටවල් රැසකින් TikTok වෙත අති මහත් විර‍ෝධයක්එල්ල වූ අතර, ඇමෙරිකාව [/tiktok-sues-trump-administration-over-us-ban/] සහ ඉන්දියාව[/india-blocks-tiktok-and-58-other-chinese-apps-citing-national-security-concerns/] ක්‍රමයෙන් මෙම සේවාව තම රටවල් තුළ තහනම් කිරීමට ද කටය…

මෙහිදී ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළ අනෙකුත් රටවල් මෙන් ජාතික ආරක්ෂාව පිළිබඳව වන ගැටළුවක් මතුව නොතිබූ අතර, සභ්‍යත්වය පිළිබඳව සංස්කෘතිකමය ගැටළුවක් නිසාවෙන් මෙම තහනම පැනවීමට එරට රජය කටයුතු කර තිබුණා.

කොහොම නමුත් මෙම තහනම පැනවීමෙන් දින 10කට පසු නැවත් එම තහනම ඉවත් කරමින් TikTok සේවාව පාකිස්ථානුවන් හට නැවතත් භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට එරට රජය කටයුතු කර ඇති බව මේ වන විට වාර්තා වෙනවා.

පකිස්ථාන විදුලි සංදේශ නියාමන අධිකාරිය විසින් ප්‍රකාශ කර ඇති පරිදි TikTiok සමාගම ඔවුන් විසින් නිකුත් කළ නියාමනයන්ට අනුකූලව කටයුතු කරනු ලබන බවට එකඟ වී ඇති අතර, මේ හරහා අදාල videos වාරණය කිරීමට TikTok ආයතනය කටයුතු කරනු ලබන බව වාර්තා වෙනවා.

පකිස්ථානය ලොව 12 වැනි විශාලතම TikTok පරිශීලකයින් පිරිසක් සිටින රට වන නමුත් මේ වන විට TikTok ආයතනය විසින් තෙවනුවට වැඩිම videos ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කර ඇති රට ලෙස ද වාර්තා වෙනවා.

කොහොම නමුත් මෙම video පකිස්ථානු රජය විසින් ඉවත් කිරීමට ඉල්ලුම් කළ videos නොව, TikTok සමාගම විසින් ඔවුන්ගේ guidelines වලට පටහැනිව කටයුතු කිරීම නිසා ඉවත් කළ videos බව ද වාර්තා වෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් TikTok සඳහා ලබාදී තිබුණු දින 45ක deadline එක දින 90ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරයි
ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් පසුගියදා නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කරසිටියේ එක්සත් ජනපදයේ TikTok ව්‍යාපාරය විකිණීම හෝ අත්හිටුවීම සඳහා දින 45ක කාලසීමාවක් ByteDance සමාගම වෙත ලබා දෙන බව වන අතර ඒ පිළිබඳව මින් පෙර ලිපියක් මඟින්අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා මතක ඇති. Microsoft ස…

මේ අතර ඉන්දියාව තුළ තවමත් TikTok සේවාව තහනම් කර ඇති අතර ඇමෙරිකාව තුළ ද තහනම් කිරීමට ඉතාමත් ආසන්නව ඇති සේවාවක් වෙනවා. එමෙන්ම පාකිස්ථානු රජය පෙන්වාදෙන පරිදි මොවුන් විසින් ඉදිරියේදී පාකිස්ථානු නියාමනයන්ට අනුකූලව කටයුතු නොකළහොත් නැවතත් තහනම් කිරීමට ද ඔවුන් සූදානමින් සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Tech Crunch වෙබ් අඩවිය සහ NewYour Times වෙබ් අඩවිය භාවිතා කළ හැක.