පසුගිය මාස කිහිපය පුරාවට ලොව පුරා රටවල් රැසකින් TikTok වෙත අති මහත් විර‍ෝධයක් එල්ල වූ අතර, ඇමෙරිකාව සහ ඉන්දියාව ක්‍රමයෙන් මෙම සේවාව තම රටවල් තුළ තහනම් කිරීමට ද කටයුතු කරනු ලැබුවා.

බොහෝ රටවල් ජාතික ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන බව පවසමින් මේ TikTok සේවාව තහනම් කිරීමට කටයුතු කරන අතරතුරදී පකිස්ථාන විදුලි සංදේශ නියාමන අධිකාරිය විසින් නියාමනය කරන ලද ආකාරයට අවිනීත සහ අසභ්‍යය videos තම platform එක තුළින් ඉවත් කරගැනීමට අප‍ොහොසත් වීම නිසාවෙන්, TikTok සේවාව පකිස්ථානය තුළ තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.

පකිස්ථානය තුළ මෙලෙස ban කර ඇති එකම app එක TikTok පමණක් නොවන අතර Tinder සහ Grindr යන සේවාවන් ද මෙලෙස ban කිරීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

TikTok app එක Apple AppStore එක සහ Google Play Store එක හරහා මේ වන විට ලොව පුරා බිලියන 2.2 වාරයක් install කිරීමට කටයුතු කර ඇති බවත්, මේ අතරින් මිලියන 43ක ප්‍රමාණයක් පකිස්ථානුවන් වන බවත්, ඒ අනුව ලොව 12 වැනි විශාලතම TikTok පරිශීලකයින් පිරිසක් සිටින රට පකිස්ථානය වන බවත් සමීක්ෂණ ආයතනයක් වන Sensor Tower ආයතනය පෙන්වා දෙනවා.

පකිස්ථාන රජය පෙන්වා දෙන ආකාරයට මෙලෙස තම නියාමනයන්ට අනුකූල වීම සඳහා සැළකිය යුතු කාළයක් ලබාදුන් බවත්, එහෙත් එයට අනුගත වීමට TikTok ආයතනය සමත් නොවී ඇති බවත්, ඒ අනුව මෙම තීරණය ගැනීමට සිදු වූ බවත් වාර්තා වෙනවා.

එමෙන්ම TikTok transparency report එකට අනුව 2020 වර්ෂය ඇතුලතදී, පකිස්ථානය විසින් TikTok ගිණුම් 40කට අධික ප්‍රමාණයක් අවහිර කිරීම සඳහා ඉල්ලුම් කර ඇති නමුත් එයින් ගිණුම් 2ක් පමණක් අවහිර කිරීමට TikTok ආයතනය කටයුතු කර ඇති බව දැකගත හැකි වෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් TikTok ආයතනය ප්‍රකාශ කරන්නේ මේ වෙනුවෙන් දැනටමත් අවශ්‍යය පියවර ගනිමින් සිටින බවත්, නැවතත් ඉක්මණින්ම පකිස්ථානයට තම ‍සේවාව ලබාදීමට බළාපොරොත්තු වන බවත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.