Google සමාගම විසින් ඔවුන්ගේ Google Nest Secure alarm system එක නවත්වාදැමීමට කටයුතු කරයි

කතුවරයා
Kasun Jayarathna
Save කරන්න
Share කරන්න

    Google සමාගම කියන්නේ තමන්ගේ products අතහැරදැමීම පිළිබඳව ඉතාමත් ප්‍රසිද්ධ සමාගමක් වන අතර පසුගියදා ඔවුන්ගේ Google Play Music සේවාවද අතහැරදැමීමට කටයුතු කළ බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

    Google Play Music සේවාව මීළඟ ඔක්තෝම්බර් මාසයේදී නවත්වාදැමීමට Google සමාගම තීරණය කරයි
    ‍බොහෝ පිරිසක් දිර්ඝ කාලයක් පුරාවට Google Play Music සේවාව එදිනෙදා භාවිතා කර ඇති අතර Google සමාගම විසින් මෙම සේවාව නවත්වා දමා, ඒ වෙනුවට YouTube Music සේවාව පවත්වාගෙන යෑමට කටයුතු කරනු ලබන බව මේ වන විට ඔබ දන්නවා ඇති. 2018 වර්ෂයේදී YouTube Music මූලිකව හඳුන්වාදීමට කටයුතු කළ අතර [https://www.xda-developers.com/revamped-youtube-music-soon-youtube-premium-later/…

    ඔන්න දැන්, ඔවුන්ගේ තවත් නිශ්පාදනයක් වන Google Nest Secure alarm system එක මේ ආකාරයෙන් අතහැරදැමීමට Google සමාගම තීරණය කර ඇති අතර, මේ වන විටත් ඔවුන්ගේ Google Store එකේ මෙම product එකට අදාල පිටුවෙහි "The product is no longer available" යනුවෙන් පණිවිඩයක් පෙන්වීමට කටයුතු කර තිබෙනවා.

    එමෙන්ම Google සමාගමේ නියෝජිතයෙකු විසින් The Verge වෙබ් අඩවියට ප්‍රකාශයක් නිකුත් කරමින්, මෙම නිෂ්පාදනය තවදුරටත් Google සමාගම විසින් නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීම සිදු නොකරනු ලබන නමුත්, දැනට මෙය මිලදීගෙන ඇති පරිශීලකයින් හට තවදුරටත් සහාය ලබාදීමට කටයුතු කරනු ඇති බව ද සඳහන් කර තිබෙනවා.

    Google සමාගම විසින් 2017 වර්ෂයේදී හඳුන්වාදුන් මේ Google Nest Secure system එක මූලිකව ඇමෙරිකානු ඩොළර් 499කට වෙළඳපොලට නිකුත් කෙරුණු අතර පසුව එය ‍ඩොළර් 399 දක්වා මිළ අඩු කිරීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.

    එමෙන්ම මේ Nest Guard එක සතුව microphone එකක් ද අන්තර්ගත කර තිබී ඇති අතර Google සමාගම විසින් 2019 වර්ෂයේදී Google Assistant සහාය මෙයට ලබාදීමට කටයුතු කරන තෙක්ම පරිශීලකයින් මෙම microphone එක පිළිබඳව දැනගෙන නොසිටි බව ද The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

    Killed by Google
    Killed by Google is the open source list of dead Google products, services, and devices. It serves as a tribute and memorial of beloved services and products killed by Google.

    කොහොම වුණත් මෙලෙස තම නිෂ්පාදනයක් අතහැරදැමීමට Google සමාගම කටයුතු කළ පළමු අවස්ථාව හෝ අවසාන අවස්ථාව මෙය නොවන අතර, Google සමාගම විසින් අතහැරදැමූ සියළුම නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳව තොරතුරු, ඉහත සඳහන් වන Killed by Google වෙබ් අඩවිය හරහා බළාගත හැකි වෙනවා.

    මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.