OPPO සමාගම විසින් පසුගියදා Android 11 මත පදනම් වූ ColorOS 11 සංස්කරණය එළිදැක්වීමට සූදානම් වන බව මින් පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කලා මතක ඇති.

Android 11 මත පදනම් වූ නව ColorOS 11 update එක ලබන සතියේ එළිදැක්වීමට OPPO සමාගම සූදානම් වෙයි
දිගු කාලයක beta testings වලින් පසුව, Google සමාගම විසින් Google Pixelsmartphones සඳහා Android 11 වල stable සංස්කරණයක් නිල වශයෙන් එළිදැක්වූ අතරOnePlus, Xiaomi, Realme ඇතුළු තවත් නිෂ්පාදකයින් කිහිපදෙනෙකු ද ජංගම දුරකථන මාදිලිකිහිපයක් සඳහා Android 11 පාදක කරගත් beta සංස්කරණ නිකුත් කිරීමට කටයුතු කරනු…

ඒ අනුව ඔවුන්ගේ ජංගම මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන ColorOS 11 නිළ වශයෙන් එළිදැක්වීමට මේ වන විට කටයුතු කර තිබෙන අතර Oppo සමාගම පවසන්නේ නව branding එකත් සමඟින් පරිශීලකයින් හට ඔවුන්ගේ smartphone එකෙහි ක්‍රියාත්මක වන Android සංස්කරණය පහසුවෙන් හඳුනාගත හැකි බවත්, “Make Flow” යන සංකල්පයත් සමඟ ColorOS 11 UI customization options වලට අමතරව stock Android features ද ලබා දෙන බවයි.

කෙසේ නමුත්, ColorOS 11 සංස්කරණයත් සමඟ නවතම විශේෂාංගයන් සහ පැවති විශේෂාංගයන් වල වැඩිදියුණු කිරීම් කිහිපයක්ම පරිශීලකයන් වෙත ලබාදීමට Oppo සමාගම කටයුතු කර තිබෙනවා.

UI Customizations

Personalizations/Personalized customization

ColorOS 11 සංස්කරණයත් සමඟ OPPO සමාගම සිය UI එක වඩාත් customize කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර එමඟින් පරිශීලකයින් හ‍ට third-party icon packs භාවිතා කිරීමට පමණක් නොව, පරිශීලකයාට අවශ්‍ය ආකාරයේ Always-on Display (AOD) styles නිර්මාණය කිරීමටද හැකියාව ලබාදී තිබෙනවා.

මෙම පහසුකම MIUI 12 වල සහ EMUI 11 හි දක්නට ලැබෙන නමුත් මෙම customizable Always-on Display පහසුකම ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ AMOLED display ඇති ජංගම දුරකථන මාදිලි සඳහා පමණක් වන බව වාර්ථා වෙනවා.

Xiaomi සහ Huawei දුරකතනවල Android skins මෙන් නොව, ColorOS 11 භාවිතා කරන්නන් හට accent colors (OxygenOS 11 වලට සමාන) තෝරා ගැනීමටත්, colors මෙන්ම pictures විශ්ලේෂණය කිරීමෙන් wallpapers නිර්මාණය කිරීමටත්, පරිශීලකයින් හ‍ට ඔවුන්ගේම ringtones සෑදීමටත් ඉඩ ලබාදී තිබෙනවා.

ඊට අමතරව OPPO සමාගම විසින් OnePlus සහ Pixel උපාංගවල මෙන් settings වල Personalized customization ලෙස page එකක්ද එක් කර තිබෙනවා.

Dark Mode

එමෙන්ම ColorOS 11 සංස්කරණය හරහා Enhanced, Medium සහ Gentle ලෙස Dark mode styles තුනක්ද ලබාදීමට කටයුතු කර ඇති බව දැකගතහැකි වෙනවා.

OPPO Relax 2.0

OPPO Relax විශේෂාංගය ColorOS 7 හරහා හඳුන්වාදෙන ලද අතර නවතම OPPO Relax 2.0 සංස්කරණයත් සමඟින් පුළුල් ambient sounds collection එකකින් තමන්ගේම white noise mix එකක් නිර්මාණය කරගැනීමට පරිශීලකයින් හට හැකියාව ලැබෙනවා.

Three-Finger Translate

OPPO සමාගම විසින් Google සමාගම සමඟ එකතු වී විශේෂාංගයක් නිර්මාණය කර ඇති අතර, Three-Finger Translate ලෙස හැඳින්වෙන මෙම අංගය Google Lens හරහා බල ගැන්වෙනවා.

මෙහිදී three-finger gesture එකක් මගින් capture කල screenshot එකක් හරහා එහි ඇති text ග්‍රහණය කර පරිවර්තනය කිරීමට පරිශීලකයින් හ‍ට අවස්ථාව ලබාදෙනවා.

FlexDrop

ColorOS 11 ඔස්සේ අපේක්ෂා කළ හැකි තවත් නව අංගයක් වන්නේ Flexdrop විශේෂාංගය වන අතර Flexdrop හරහා අවධානය යොමු කරන්නේ multi-tasking හැකියාවන් පහසු කිරීමයි.

එමගින් ඕනෑම app එකක් කුඩා floating window එකක් හෝ ඊටත් වඩා කුඩා mini-window එකක ලෙස resize කිරීමට හැකියාව ලැබෙනවා.

එබැවින් ඔබ වීඩියෝවක් නරඹන විට, game එකක් play කරන විට හෝ full screen එක භාවිතා කරමින් වෙනත් කාර්යයක් කරන විට ඔබට වෙනත් යෙදුම්වල ක්‍රියාකාරකම්ද කිරීමට හැකියාව ලැබෙන නමුත් මෙම විශේෂාංගය තවමත් සජීවීව නොපවතින අතර, ලබන මාසයේ දී එය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවට වැඩිදුරටත් සඳහන් වෙනවා.

නවතම Super Power Saving Mode එක මගින් ඔබට අවම battery ප්‍රමාණයක් පවතින විටදී භාවිතා කිරීම සඳහා apps හයක් දක්වා තෝරා ගැනීමේ අවස්ථාව ලබා දෙනවා.

එමෙන්ම මේ Battery Guard විශේෂාංගය මගින් දුරකථනය රාත්‍රිය පුරා ආරෝපණය කරන්නේ නම් battery එක 80% ක් වූ විට charge කිරීම නවතා පසුව පරිශීලකයා සාමාන්‍යයෙන් අවදි වන කාලය වනවිට සම්පූර්ණ ආරෝපණයක් ලබා ගැනීම සඳහා නැවත charge කිරීම ආරම්භ කිරීම මගින් බැටරි ආයු කාලයට රැක ගැනීමට කටයුතු කරයි.

Performance Improvements

ColorOS 11 සංස්කරණයේ ඇතුලත් වන UI First 2.0 සමඟින් ඔවුන්ගේ lag-reducing engine එක භාවිතා කරමින් "Quantum Animations" හරහා RAM utilization එක 45%කින් ද, response rate එක 32%කින් ද ඉහළ නංවන අතර frame rate එකේ stability එක 17%කින් පමණ වැඩි කරනු ඇති බව ද Oppo සමාගම පෙන්වා දෙනවා.

මීට අමතරව AI app preloading පහසුකම හරහා පරිශීලකයා විසින් නිතරම භාවිතා කරනු ලබන apps හඳුනාගෙන, ඒවා preload කිරීමට කටයුතු කිරීම හරහා loading time එක සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට ද, SuperTouch පහසුකම හරහා touch response speed එක ද වැඩිදියුණු කිරීමට කටයුතු කර තිබෙනවා.

Private System

Fingerprint හෝ password එකකින් ආරක්ෂා කර ඇති පවතින් system එකේම තවත් private copy එකක් මේ Private System පහසුකම හරහා නිර්මාණය වෙන අතර, සාමාන්‍යය පද්ධතියේ ඇති apps සහ සේවාවන් වලින් මෙය සම්පූර්ණයෙන්ම වෙන් වී පවතිනවා.

මේ අලුත් private system එක තුළ තමන්ට අවශ්‍යය apps install කිරීමට සහ භාවිතා කිරීමට හැකියාව ලැබෙන අතර මේ පද්ධති ද්විත්වය හරහා ම ලැබෙන notifications බාධාවකින් තොරව පරිශීලකයා හට පෙන්වීමට කටයුතු කරනු ලබනවා.

Android 11 විශේෂාංග

ColorOS 11 සංස්කරණය Android 11 මත පදනම් වී ඇති හෙයින්, Android 11 වල අන්තර්ගත වන නවතම විශේෂාංගයන් වන Chat Bubbles, power menu එකට එකතු කර ඇති Device Controls, One-time Permissions, Permissions auto reset වීමේ පහසුකම, Scoped Storage සහ Nearby Share වැනි නව විශේෂාංගයන්ද මෙහි අන්තර්ගත වෙනවා.

ColorOS 11 Rollout

ආසියානු රටවල් වලට OPPO ColorOS 11 Beta සංස්කරණය ලැබෙන කාලසීමාව
යුර‍ෝපා රටවල් වලට OPPO ColorOS 11 Beta සංස්කරණය ලැබෙන Timeline එක

ඉහත සඳහන් කාල සීමාවන් beta rollout සඳහා පමණක් වන අතර beta testing වලින් පසුව stable update කිරීමට කටයුතු කරනු ඇත. එබැවින් ColorOS 11 stable build එක හඳුන්වාදීමට තව ටිකක් කලක් ගතවනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Oppo වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය (1), (2) සහ GizmoChina වෙබ් අඩවිය භාවිතා කළ හැක.