දිගු කාලයක beta testings වලින් පසුව, Google සමාගම විසින් Google Pixel smartphones සඳහා Android 11 වල stable සංස්කරණයක් නිල වශයෙන් එළිදැක්වූ අතර OnePlus, Xiaomi, Realme ඇතුළු තවත් නිෂ්පාදකයින් කිහිපදෙනෙකු ද ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා Android 11 පාදක කරගත් beta සංස්කරණ නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

Android 11 වල stable සංස්කරණය නිළ වශයෙන් Pixel ජංගම දුරකථන සඳහා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරයි
Android 11 යනු Google Android මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන අතර මේ පිළිබඳවමීට පෙර ලිපි කිහිපයකින් ම අපි ඔබව දැනුවත් කර තිබෙනවා ඔබට මතක ඇති. Android 11 stable සංස්කරණය මීළඟ සැප්තැම්බර් 8 වැනි දින එළිදැක්වීමට Google සමාගමසූදානම් වන ලකුණුAndroid 11 සංස්කරණයේ stable version එක නිකුත් කරන ගමන් මා…

මේ වන විට Oppo සමාගම ද Android 11 පාදක කරගෙන නිර්මාණය කර ඇති ඔවුන්ගේ ColorOS 11 සංස්කරණයේ beta සංස්කරණයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර, එහි stable සංස්කරණයක් මීළඟ සැප්තැම්බර් 14 වැනි දින එළිදැක්වීමට සූදානමින් සිටින බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ අනුව Find X2, Find X2 Pro, Reno3, and Reno3 Pro යන devices භාවිතා කරන පරිශීලකයන් හට මෙම beta builds ලබා ගත හැකි බවත්, දැනට ColorOS beta වැඩසටහන සඳහා සම්බන්ධවීමට හැකියාව ලබාදී තිබෙන්නේ සීමාසහිත පිරිසකට පමණක් බවත් Oppo සමාගම නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, මීළඟ ColorOS එළිදැක්වී‍ම virtual launch event එකක් ලෙස සැප්තැම්බර් 14 වැනි දින පවත්වන බව OPPO සමාගම විසින් තහවුරු කර තිබෙන අතර මෙම නව version එක “ColorOS 11” ලෙස හඳුන්වනු ඇති බව සමාගම මීට පෙර සිය නිල Twitter ගිණුමෙන් සනාථ කර තිබෙනවා.

මෙම අවස්ථාව අතරතුර, Oppo සමාගම විසින් පසුගිය මාස කිහිපය තුළ සංවර්ධනය කර ඇති සියලුම නව ColorOS අංගයන් සවිස්තරාත්මකව විස්තර කිරීමට මොවුන් කටයුතු කරනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය සහ Android Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.