Mozilla ආයතනය විසින් ඔවුන්ගේ නිෂ්පාදනයන් ද්විත්වයක් වන Firefox Notes සහ Firefox Send යන සේවාවන් නවත්වා දැමීමට කටයුතු කරන බව ඔවුන්ගේ නිළ blog අඩවිය හරහා නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Firefox Send යනු නොමිලයේ ලබා දුන් file transfer service එකක් වන අතර එමගින් encrypted files anonymous ලෙස upload කිරීමට සහ send කිරීමට පරිශීලකයින්ට ඉඩ ලබා දෙනු ලැබුවා.

What happened to Firefox Send? | Mozilla Support
[https://send.firefox.com/ Firefox Send] has been discontinued as of September 17th, 2020. Thank you for trying Firefox Send in the past.

මෙම tool එක වැඩි වශයෙන් phishing attacks එල්ල කිරීමට සහ සහ malware බෙදා හැරීමට භාවිතා කරන බවට තහවුරු වීම නිසා Mozilla ආයතනය විසින් පසුගිය ජූලි මාසයේ සිට මෙම සේවාව තාවකාලිකව අත්හිටුවා දැමීමට කටයුතු කල අතර මේ වනවිට Firefox Send සේවාව නැවත ආරම්භ නොකිරීමට තීරණය කර තිබෙනවා.

Firefox Notes යනු Firefox පරිශීලකයින් සඳහා Google Keep සහ Evernote යන සේවාවන් සඳහා සරල විකල්පයක් ලෙස හඳුන්වා දුන් සේවාවක් වන අතර මෙයද මීළඟ නොවැම්බර් මාසයේදී අත්හිටුවීමට Mozilla ආයතනය තීරණය කර තිබෙනවා.

Firefox Notes status | Firefox Help
Learn more about the discontinuation of Firefox Notes on November 1, 2020.

කෙසේ වෙතත්, Firefox Notes desktop browser extension එක දැනට install කර ඇති පරිශීලකයින් හට බාධාවකින් තොරව භාවිතා කළ හැකි අතර Mozilla ආයතනය විසින් සියලුම notes export කිරීමට පරිශීලකයින් හට උදව් කිරීමට option එකක් එක් කරනු ඇති බව දැනගන්නට ලැබෙනවා.

මෙම සේවාවන් අත්හිටුවීමට Mozilla ආයතනය ගත් තීරණයට මූලික වී ඇත්තේ Mozilla VPN, Firefox Monitor සහ Firefox Private Network වැනි සේවාවන් කෙරෙහි ඔවුන්ගේ අවධානය තවත් වැඩිකිරීම බව Mozilla ආයතනය විසින් තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Android Police වෙබ් අඩවිය සහ Mozilla blog අඩවිය භාවිතා කළ හැක.