OnePlus සමාගම විසින් පසුගිය ජූලි මාසයේදී OnePlus Nord ජංගම දුරකතනය එළිදැක්වීමත් සමඟින් budget ජංගම දුරකතන එළිදැක්වීම ආරම්භ කළ අතර පසුගියදා OnePlus සමාගම විසින් Nord N10 5G සහ N100 යන ජංගම දුරකතන ද්විත්වය එළිදැක්වීමටද කටයුතු කරනු ලැබුවා.

OnePlus සමාගම විසින් OnePlus Nord N10 5G සහ Nord N100 ජංගම දුරකතන එළිදැක්වීමට කටයුතු කරයි
මීට මාස කිහිපයකට පෙර OnePlus සමාගම විසින් ඔවුන්ගේ පරිශීලකයන් හට දැරිය හැකි මිලකටජංගම දුරකතනයක් මිලදී ගැනීමට හැකියාව ලබාදෙමින් ඔවුන්ගේ නව Nord ජංගම දුරකතනයහඳුන්වාදීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව අප ඔබව දැනුවත් කළා මතක ඇති. OnePlus සමාගම විසින් ඔවුන්ගේ නවතම mid-range ජංගම දුරකථනය වන OnePlus Nordඑළිදැක…

මේ වනවිට වාර්තා වන ආකාරයට, OnePlus සමාගම විසින් ඔවුන්ගේ Nord lineup එකෙහි මීළඟ device එක ලෙස Nord SE නම් ජංගම දුරකතනයක් ලබන වසරේ පළමු කාර්තුවේදී එළිදැක්වීමට නියමිතව තිබෙන අතර මෙයද Nord lineup එක හරහා මීට පෙර හඳුන්වා දුන් ආකාරයේ budget device එකක් වනු ඇත.

“Ebba” යන codename එකෙන් හැඳින්වෙන මෙම ජංගම දුරකතනය 65W Warp Charging පහසුකම සඳහා සහාය දක්වන 4,500mAh battery එකක් සහ AMOLED panel එකක් අන්තර්ගත වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර මෙහි specifications පිළිබඳව තොරතුරක් තවමත් වාර්තා වන්නේ නොමැත.

එමෙන්ම, දැනට වාර්තාවන තොරතුරුවලට අනුව OnePlus Nord SE ජංගම දුරකතනය මිලදී ගැනීමට හැකියාව හිමිවන්නේ යුරෝපයේ සහ ඉන්දියාවේ සිටින පරිශීලකයන් සඳහා පමණක් වනු ඇති අතර මෙම ජංගම දුරකතනය එක්සත් ජනපදය සඳහා නිකුත් කරන බවක් දැකගැනීමට නොහැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Central වෙබ් අඩවිය සහ GizmoChina වෙබ් අඩවිය භාවිතා කළ හැක.