මීට මාස කිහිපයකට පෙර OnePlus සමාගම විසින් ඔවුන්ගේ පරිශීලකයන් හට දැරිය හැකි මිලකට ජංගම දුරකතනයක් මිලදී ගැනීමට හැකියාව ලබාදෙමින් ඔවුන්ගේ නව Nord ජංගම දුරකතනය හඳුන්වාදීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව අප ඔබව දැනුවත් කළා මතක ඇති.

OnePlus සමාගම විසින් ඔවුන්ගේ නවතම mid-range ජංගම දුරකථනය වන OnePlus Nord එළිදැක්වීමට කටයුතු කරයි
OnePlus සමාගම විසින් ඔවුන්ගේ නවතම ජංගම දුරකථනය වන OnePlus Nord ජංගම දුරකථනය AREvent එකක් [/the-oneplus-nord-will-be-officially-revealed-on-july-21st/] හරහාමෙම මස 21 වැනි දින එළිදැක්වීමට කටයුතු කරනු ඇති බව මීට පෙර අපි ඔබව දැනුවත් කළාමතක ඇති. OnePlus Nord ජංගම දුරකථනය ජූලි මස 21 වැනි දින AR Event …

මේ වනවිට OnePlus සමාගම විසින් ඔවුන්ගේ Nord lineup එකට OnePlus Nord N10 5G සහ Nord N100 නමින් නව ජංගම දුරකතන දෙකක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා දැකගන්න පුළුවන්.

OnePlus Nord N10 5G

OnePlus N10 5G ජංගම දුරකතනය Snapdragon 690 processor එකකින් බලගැන්වෙන අතර මෙහි 6GB RAM එකක් සහ 128GB expandable storage එකක්ද අන්තර්ගත වෙනවා.

එමෙන්ම, මෙම ජංගම දුරකතනයේ 90Hz refresh rate එකක් සහ 1080p+ resolution එකක් සහිත අඟල් 6.49 ක display එකක් අන්තර්ගත වන අතර මෙහි දැකගැනීමට හැකියාව ලැබෙන්නේ rear-mounted fingerprint sensor එකක් වෙනවා.

Nord N10 5G ජංගම දුරකතනයේ camera module එක දෙස අවධානය යොමු කිරීමේදී මෙහි quad-camera array එකක් දැකගැනීමට හැකියාව ලැබෙන අතර එයට 64MP main camera එකක්, 119° ultrawide camera එකක්, macro camera එකක් සහ monochrome camera එකක් අන්තර්ගත වෙනවා.

ඊට අමතරව, මෙහි 16MP selfie camera එකක් දැකගැනීමට හැකියාව තිබෙනවා.

N10 5G ජංගම දුරකතනයේ 4,300mAh battery එකක් ඇති අතර එය Warp Charge 30T සඳහා සහාය දක්වනවා. එමෙන්ම, මෙම ජංගම දුරකතනය 5G (Sub-6GHz) සඳහා සහාය දක්වන අතර mmWave සඳහා සහාය දක්වන්නේ නොමැත.

OnePlus Nord N100

OnePlus Nord N100 ජංගම දුරකතනය Snapdragon 460 processor එකකින් බලගැන්වෙන අතර මෙහි 4GB RAM එකක් සහ 64GB expandable storage එකක් අන්තර්ගත වෙනවා.

මෙම ජංගම දුරකතනය තරමක් මිලෙන් අඩු වුවද මෙහි සාමාන්‍ය (60Hz) refresh rate එකක් සහ 720 x 1600px resolution එකක් සහිත අඟල් 6.52 ක IPS LCD display එකක් මෙන්ම dual stereo speakers ද දැකගැනීමට හැකියාව ලැබෙන අතර 5,000 mAh තරම් විශාල ධාරිතාවක් සහිත battery එකක් ද අන්තර්ගත වෙනවා.

කෙසේවෙතත්, මෙය සහාය දක්වන්නේ 18W fast charging තාක්ෂණය සඳහා පමණක් වන බව ද වාර්තා වෙනවා.

Nord N100 ජංගම දුරකතනයේ camera module එක දෙස අවධානය යොමු කිරීමේදී මෙහි triple-camera setup එකක් දැකගැනීමට හැකියාව ලැබෙන අතර එයට 13MP main camera එකක්, portrait සහ macro shots ලබාගැනීම සඳහා තවත් 2MP cameras දෙකක් අන්තර්ගත වෙනවා. මෙහි front camera එක ලෙස 8MP camera එකක් අන්තර්ගත වෙනවා.

එමෙන්ම, මෙහිද N10 5G ජංගම දුරකතනයේ මෙන් rear-mounted fingerprint sensor එකක් දැකගැනීමට හැකියාව තිබෙනවා.

මෙම ජංගම දුරකතන දෙකෙහි මිල ගණන් පිළිබඳව අවධානය යොමුකිරීමේදී OnePlus Nord N10 5G ජංගම දුරකතනය යුරෝ €350 ලෙසත්, OnePlus Nord N100 ජංගම දුරකතනය යුරෝ €200 ලෙසත් දැක්වෙනවා.

මෙම ජංගම දුරකතන ද්විත්වය ලබන මස මුලදී යුරෝපීය වෙළෙඳපලට නිකුත් කරනු ඇති අතර ඉක්මනින්ම අනෙකුත් රටවල් සඳහාද ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ GSMArena වෙබ් අඩවිය භාවිතා කළ හැක