Google සමාගමේ Pixel ජංගම දුරකථන මාලාවේ අලුත්ම සංස්කරණය වන Pixel 4 ජංගම දුරකථනය ගැන මේ වන විටත් ඔබ බොහෝ දේවල් දන්නවා ඇති.

විශේෂයෙන්‍ම මේ ජංගම දුරකථනයේ Face Unlock සහ Soli Gestures භාවිතා වෙන බව මීට පෙර අවස්ථාවකදී අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

Pixel 4 ජංගම දුරකථනයේ Face Unlock සහ Soli Gestures භාවිතා වෙන බව Google සමාගම සනාථ කරයි
පසුගිය ජුනි මාසය අතරතුර Google සමාගම විසින් ඔවුන්ගේ මීළඟ ජංගම දුරකථනය වන Pixel 4ජංගම දුරකථනයේ පෙනුම පිළිබඳව අනාවරණයක් සිදු කිරීමට කටයුතු කළා මතක ඇති. ඔන්න දැන් නැවතත් වරක් Pixel 4 ජංගම දුරකථනයේ face unlock පද්ධතිය හා gesturesystem එක පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනව…

ඔන්න දැන්, මේ Pixel 4 ජංගම දුරකථනය වෙනුවෙන් Google සමාගම විසින් නිර්මාණය කරන ලදැයි සැළකෙන promotional video එකක් අන්තර්ජාලයට එකතු කිරීමට ස්පාඤ්ඤ ජාතික Proandroid වෙබ් අඩවිය සමත් ව තිබෙනවා.

මෙම video එකට අනුව Pixel 4 ජංගම දුරකථනයේ air gestures, astrophotography - එහෙමත් නැතිනම් අහස/තරු ආදිය ඡායාරූපගත කළ හැකි mode එකක් සහ night sight mode එකෙහි වැඩිදියුණු කිරීම් ගැන පෙන්වාදීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මීට අමතරව Google Assistant භාවිතා කර voice මගින් පමණක් Google Photos app එකේ ඕනෑම කටයුත්තක් සිදු කරගැනීමේ හැකියාව ද මේ ජංගම දුරකථනය සතු වන බව දැකගත හැකි වෙනවා.

කොහොම වුණත් තවමත් Pixel 4 ජංගම දුරකථනය එළිදැක්වීම සිදු කරන දිනයක් පිළිබඳව නිළ වශයෙන් නිවේදනයක් සිදු කර නොමැති නමුත්, ඔක්තෝම්බර් මාසයේ මුල් සතිය ඇතුලත මෙය එළිදැක්වීමට ඔවුන් කටයුතු කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.