ලෝකයේ ඇති බොහෝ විශාල තාක්ෂණික සමාගම් තම නිශ්පාදන හරහා පටිගත කරන ලද හඩපට වලට රහසිගතව සවන් දෙන බවට මීට පෙර වාර්තා වී ඇති බව අපි ඔබව දැනුවත් කළා මතක ඇත.

Audio Messages වලට සවන්දීම සඳහා වෙනත් ආයතන වල සහාය ලබා ගැනීමට Facebook සමාගම කටයුතු කරයි
Facebook ආයතනය විසින් ඔවුන්ගේ platform හරහා යවනු ලබන private audio messages වලටසවන් දීම සහ ඒවා සාරාංශගත කිරීම සඳහා වෙනත් ආයතන hire කිරීමට කටයුතු කර ඇති බවදැනගන්නට ලැබෙනවා. මීට ප්‍රධානතම හේතුව වන්නේ Facebook හරහා සිදුවන නරක දේවල් වැලැක්වීමට අවශ්‍යයපියවර ගැනීම බව පෙන්වා දෙන Facebook ආයතනය මෙම තත්ත…

පෞද්ගලිකත්වය පිලිබඳ වැඩි අවධානයක් යොමු කරන Apple ආයතනයද එවැනි සමාගම් අතරින් එකක් වීම පසුගිය දින වල බොහෝ දෙනාගේ කනස්සල්ලට හේතු වන කාරණයක් වුණා.

අයර්ලන්තයේ පරීක්ෂකයන් පිරිසක් විසින් Apple සමාගම තම Siri Assistant වැඩසටහන ඔස්සේ පරිශීලකයා විසින් එවනු ලබන පණිවිඩ දිනකට 1000කට පමණ කොන්ත්‍රාත්කරුවන් යොදාගෙන හොර රහසේ සවන් දෙන බවට සොයාගෙන තිබෙනවා.

Apple සමාගමේ Siri Assistant වැඩසටන වෙත අප ලබා දෙන voice commands සටහන් කරගෙන ඒවා process කිරීම සදහා Apple සමාගම වෙත යවනු ලබන අතර ඉන්පසු Siri සේවාව දියුනු කිරීම සඳහා එම දත්ත උපයෝගී කර ගැනීම සිදු වන බවත්, මෙය බොහෝ විට AI තාක්ෂණය උපයෝගී කරගෙන කරනු ලබන සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක් බවත් බොහෝ දෙනා දන්නා කාරණයක්.

කොහොම නමුත් මෙම පටිගතකිරීම් වලට වෙනත් මිනිසුන් සවන් දෙන බව මේ වන තුරු කිසිවෙකුත් නොදැන සිටි අතර මෙම පුවත වාර්ථා වූ විට ලොව පුරා Apple පරිශීලකයන්ගේ විවේචනයන මෙය භාජනය වුණා.

රහස්‍ය වෛද්‍ය තොරතුරු, මත්ද්‍රව්‍ය ගනුදෙනු, ලිංගික සම්බන්ධකම් පිලිබඳ පටිගත කිරීම් වැනි පෞද්ගලික දේවල් Apple සමාගමේ කොන්තරාත්කරුවන්ට ඇසෙන බව පසුගිය ජූලි මාසයේදී The Guardian පුවත්පත වාර්තා කිරීමත් සමඟින් මේ තත්ත්වය උත්සන්න වූ අතර මේ වන විට මෙම කටයුත්ත නැවැත්වීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

Improving Siri’s privacy protections
Our goal with Siri, the pioneering intelligent assistant, is to provide the best experience for our customers while vigilantly protecting their privacy.
නිළ Apple Newsroom වෙබ් අඩවිය පළ කළ නිවේදනය

මෙම පුවත වාර්ථා වීමෙන් දින කිහිපයකට පසු Apple සමාගම විසින් මේ පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කරමින් මේ වෙනුවෙන් සමාව අයැද සිටි අතර, තවදුරටත් මෙම පටිගතකිරීම් ගබඩා කර නොගන්නා බවත්, ඒ වෙනුවට එම පටිගතකිරීම් වලට අදාල transcript පමණක් store කරගනු ලබන බවත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple Newsroom වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා The Guardian වෙබ් අඩවිය භාවිතා කළ හැක.