2015 වර්ෂයේ පැවති Google I/O event එක අතරතුර Google සමාගමේ Advanced Technology and Projects (ATAP) team එක විසින් තොරතුරු හෙළි කරනු ලැබූ Project Soli ගැන සමහර විට ඔබ මේ වන විටත් දැනුවත් ඇති.

මේ Soli ව්‍යාපෘතිය හරහා Radar සංඥා භාවිතා කරමින් හස්ථ සංඥා හඳුනාගතහැකි ක්‍රමයක් මෙන්ම එහි භාවිතාවන් පිළිබඳව පරීක්ෂණ සිදු කරමින් පැවතුණු අතර මෙම තාක්ෂණය භාවිතා කරන විට touch screen එකක් හෝ වෙනත් input method එකක් භාවිතා නොකර අතෙහි ඇඟිලි වලින් එක් එක් සංඥා භාවිතා කරමින් යම්කිසි action එකක් සිදු කිරීමේ හැකියාව ලැබෙනවා.

කොහොම නමුත් මෙහිදී භාවිතා වන සංඛ්‍යාතයන් හරහා දැනට පවතින තාක්ෂණික උපාංග වලට බළපෑමක් ඇති වේවි යැයි අනුමාන කරමින් ඇමෙරිකානු රජය විසින් මෙම ව්‍යාපෘතිය ඇතුලු තවත් ආයතන කිහිපයක පරීක්ෂණයන් තාවකාලිකව නැවැත්වීමට කටයුතු කළා.

නමුත් මේ වන විට Google සමාගමේ මේ Soli ව්‍යාපෘතියට දැනට සාමාන්‍යය භාවිතයට අවසර දී තිබෙන සංඛ්‍යාතයන්ට වඩා වැඩි සංඛ්‍යාතයන් භාවිතා කරමින් මෙම පරීක්ෂණ ඉදිරියට ගෙන යාමට අවසර ලබාදීමට ඇමෙරිකාවේ FCC ආයතනය කටයුතු කර තිබෙනවා.

Button එකක හැසිරීම
Dial එකක හැසිරීම
Slider එකක හැසිරීම

මෙමගින් ගුවන්යානා හා මීට සමාන තාක්ෂණයන් භාවිතා වන තැන් වලට බාධාවක් සිදු නොවීමට මෙම තාක්ෂණය දැනට Smart Watch වැනි කුඩා උපාංග වල පමණක් පරීක්ෂා කිරීමට Google සමාගම තීරණය කර තිබෙන නමුත් ඉදිරියේදී මෙය වඩාත් ව්‍යාප්ත කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Soli ව්‍යාපෘතියේ නිළ වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.