Xiaomi ඔවුන්ගේ ජංගම දුරකථන වෙනුවෙන් නිර්මාණය කරන MIUI 10 වල අළුත් features ගැන වගේම MIUI 10 මෙහෙයුම් පද්ධතිය අඩංගු නවතම Redmi Note 6 Pro ජංගම දුරකථනය ගැනත් අප ඔබට මීට කලින් දැනුවත් කළා මතක ඇති.

Xiaomi ආයතනය විසින් පසුගිය මාස කිහිපය ඇතුළත ඔවුන්ගේ devices විශාල ප්‍රමාණයක් සඳහා MIUI 10 හඳුන්වා දුන් අතර මේ වසරේ දෙසැම්බර් මාසය තුළද මෙම MIUI 10 Update එක තවත් devices කිහිපයකට ලබා දෙනු ලැබුවා.

මේ අනුව MIUI 10 upadate එක Xiaomi Redmi 3S හා Xiaomi Redmi 4 ජංගම දුරකතන වලටත් ලබා ගැනීමේ හැකියාව ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ වසර කිහිපයක් පැරණි devices වලට පවා ඊට ගැලපෙන ආකාරයේ Android version එකක් පදනම් කරගෙන MIUI 10 වැනි ඔවුන්ගේ අලුත්ම පහසුකම් නිකුත් කිරීමට කටයුතු කිරීමයි.

මීට කලින් Android Oreo මෙන්ම, Android Pie පාදක කරගනිමින් වෙනත් devices වලට MIUI 10 පහසුකම ලබා දෙන්නට කටයුතු කළ මොවුන් මෙම දුරකථන ද්විත්වය සඳහා පාදක කරගෙන ඇති Android version එක වන්නේ Android (6.0) Marshmallow සංස්කරණයයි.

මෙම යාවත්කාලීන කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ  පද්ධතිය ස්ථායිතාවයෙන් යුතුව පවත්වා ගැනීම බව Xiaomi සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Gadgets360 වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.