ඔයා දැනටමත් Google Photos සේවාව භාවිතා කරන කෙනෙක් නම්, විවිධ types වල videos Google Photos වෙතට එකතු කර තිබෙනවා නම්, මේ වන විට ඔයාටත් Google සමාගම විසින් ඔවුන් සහාය නොදක්වන video files ඉවත් කරන ලෙස දන්වා පණිවිඩයක් ලැබිලා තියෙන්න පුළුවන්.

පසුගිය දෙසැම්බර් 6 වැනිදා සිට ඔවුන් සහාය නොදක්වන formats වලින් record කර Google Photos වෙතට upload කර ඇති videos සඳහා unlimited storage ලබා දීම නවතා දැමීමට Google සමාගම කටයුතු කර ඇති අතර අදාල video files සඳහා තමන්ගේ Google account එකේ storage එක ලබා ගන්නා බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම ඔවුන් සහාය දක්වන video formats පහත පරිදි වන අතර මෙම type වලින් upload කරනු ලබන videos සඳහා තවදුරටත් නොමිලයේ unlimited storage එක ලබා දීමට ඔවුන් කටයුතු කරනවා.

සහාය දක්වනු ලබන Video formats
.mpg, .mod, .mmv, .tod, .wmv, .asf, .avi, .divx, .mov, .m4v, .3gp, .3g2, .mp4, .m2t, .m2ts, .mts, and .mkv files

කොහොම වුණත් මේ හරහා VOB සහ RAW files upload කළ පිරිසට මේ අනුව තමන්ගේ files ගබඩා කරගැනීම සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගැනීමට හෝ Google One වැනි සේවාවක් භාවිතා කිරීමට සිදු වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Google Support Page එක, Android Police වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.