Facebook හි දුර්වලතාවක් නිසා ගිණුම් මිලියන 50කට වැඩි ප්‍රමාණයක් හැක්වීම සම්බන්ධයෙන් මීට පෙර ලිපියකින් ඔබව දැනුවත් කරන්නට කටයුතු කළා මතක ඇති. මේ වන විට තවත් මෙවැනි ම දත්ත පිටවිමක් පිළිබඳව තොරතුරු වාර්ථා වෙනවා.

ඊයේ දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් Facebook සමාගම ප්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ Photo API එකේ පැවති දුර්වලතාවයක් නිසාවෙන් developers ලා 876 දෙනෙකු විසින් නිර්මාණය කළ apps 1,500 කට වැඩි ප්‍රමාණයක් හරහා මිලියන 6.8ක් පමණ වූ Facebook පරිශීලකයන්ගේ පෞද්ගලික ඡායාරූප වලට access ලබා ගැනීමට third party developers ලා හට හැකියාව ලැබී තිබුණු බවයි.

මේ අතර මෙම පුද්ගලයන් විසින් දිනපතා පළ කරන ලද Facebook Stories වලට එකතු කරන ලද ඡායාරූප මෙන්ම upload කළ නමුත් publish නොකරන ලද (draft) ඡායාරූප පවා මෙම දුර්වලතාවය හරහා බළාගැනීමට අදාල developers ලා හට අවස්ථාව ලැබී තිබෙනවා.

මෙලෙස සම්පුර්ණ නොකරන ලද post එකක copy එකක් දින 3 ක කාලයක් ගබඩා කර තබා ගන්නා බවත් එය එසේ සිදු කරන්නේ අදාල පුද්ගලයාට පහසුවක් වීම උදෙසා බවත් ඔවුන් හේතු දක්වා ති‍බෙනවා.

කොහොම නමුත් මෙම සිදුවීම සිදු වී තිබෙන්නේ පසුගිය සැප්තැම්බර් මස 12 වැනිදා සහ 25 වැනිදා අතරතුර කාළසීමාව අතරතුරදී වන අතර මේ වන විට අදාල දුර්වලතාවය fix කර තිබෙන අතර මෙතෙක් කල් මෙම සිදුවීම පිළිබඳව කරුණු හෙළි නොකිරීමට ද Facebook සමාගම කටයුතු කර තිබෙනවා.

Facebook සමාගම විසින් මෙම අපහසුතාවයට මුහුණදුන් පරිශීලකයින්ගෙන් සමාව ඉල්ලා සිටින අතර මේ පිළිබඳව අදාල පරිශීලකයින් දැනුවත් කිරීමටත්, මීට සම්බන්ධ developers ලා සමඟ සම්බන්ධ වී ඉහත සඳහන් කළ දුර්වලතාවය මගින් පිට වූ ඡායාරූප මකා දැමීමටත් උත්සාහ කරමින් පවතින බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Facebook developer blog එක සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.