Microsoft සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ Microsoft Office package එකේ මීළඟට නිකුත් කිරීමට සූදානම් වන සංස්කරණයේ UI එක සහ design එක පිළිබඳව වීඩියෝවක් නිකුත් කරන ලද අතර එහිදී දැක ගැනීමට හැකි වූ විශාලතම වෙනස්කම වන්නේ සාම්ප්‍රදායික ribbon interface එකෙහි ඇති වෙනස්කමයි.

වසර 5කට පසු Microsoft Office වල Icons අලුතින් design කිරීමට කටයුතු කරයි
Windows 7 [https://en.wikipedia.org/wiki/Windows_7] වලින් Windows 8[https://en.wikipedia.org/wiki/Windows_8] වලට මාරු වන විට Microsoft සමාගමඔවුන්ගේ Windows Aero [https://en.wikipedia.org/wiki/Windows_Aero…

Microsoft සමාගම විසින් පසුගිය වසර දෙක පුරාවටම සිය Office package එක වැඩි දියුණු කිරීමට කටයුතු කර ඇති අතර Microsoft සමාගමෙහි Office design එකෙහි ඊළඟ අදියරේදී තවදුරටත් සරල බව කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව මෙයින් දැක ගැනීමට හැකියාව තිබෙනවා.

Adaptive commanding පහසුකම හරහා පරිශීලකයා කැමති ඕනෑම තැනකට ඕනෑම toolbar එකක් ගෙන යාමේ හැකියාව ලබාදෙන බවත්, Microsoft Office වල දැනට ඇති brand colors තව දුරටත් අඩු කිරීමට කටයුතු කරනු ලබන බවත්, Microsoft සමාගමේ Design & Research department එකේ උප සභාපතිවරයා වන Jon Friedman විසින් පෙන්වා දෙනවා.

Microsoft සමාගම මේ වන විට මෙම interface එක පරිශීලකයින් කුමන ආකාරයට භාවිතා කරනු ඇත්දැයි ගවේෂණය කරමින් සිටින නමුත් මෙලෙස ඉඟි කර ඇති සැලසුම් තවත් වසරක් හෝ දෙකක් තුළදී එළිදක්වනු ඇති බව Friedman විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

The future of Microsoft Excel. | Image: Microsoft

Microsoft සමාගම විසින් මුලින් සිය ribbon interface එක office වෙත හදුන්වා දුන්නේ 2007 වසරේදී වන අතර මේ වන විට සිය mobile හා web version එක හරහා ribbon එක ක්‍රමයෙන් සරල කර ඇති නමුත් මේ නව design එක නිසැකවම ribbon එකෙන් ඔබ්බට ගිය විශාල පියවරක් බව දැකගත හැකි වෙනවා.

මීට අමතරව ඔබ භාවිතා කරන්නේ කුමන Office app එකද යන්න දැක්වීමට apps වල ඉහළින් සරල app icon එකක් සහ centralized search bar එක හෝ command bar එක ඇතුළත් වෙනවා.

Microsoft සමාගම විසින් මෑත කාලීනව Office package එකේ මෙම search සහ command bar interface එක ඇතුලත් කිරීමට කටයුතු කර ඇති අතර එය මේ වන විට Microsoft Teams වලද පවතිනවා.

The future of Microsoft Office Mobile Apps. | Image: Microsoft

මෙම වසංගත කාලය තුළ වැඩ කිරීමේ අවශ්‍යතා වෙනස් වන්නේ කෙසේද යන්න වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා Microsoft සමාගම විසින් “ගෝලීය අධ්‍යයනයක්” සිදු කරනු ලබන බවත්, මෙම design එක මගින් සරල බව සහ අන්තර්ගතය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බවත්, මෙය අනාගතයේදී Microsoft Office වෙත පැමිණීමට ඇති වෙනස්කම් මොනවාද යන්න පිළිබඳ teaser එකක් පමණක් වන බවත් ඔහු විසින් තවදුරටත් ප්‍රකාශ කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Medium වෙබ් අඩවිය භාවිතා කළ හැක