Windows 7 වලින් Windows 8 වලට මාරු වන විට Microsoft සමාගම ඔවුන්ගේ Windows Aero design ක්‍රමය වෙනස් කරමින් flat icons වලට මාරු වුණු විට ලොව පුරා සියළුම tech companies තම තමන්ගේ designs වෙනස් කිරීමට කටයුතු කළා ඔබට මතක ඇති.

ඔන්න දැන්, වසර 5කට අධික කාලයකින් පසුව Microsoft සමාගම ඔවුන්ගේ Office Package එකේ icons වල පෙනුම re-design කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව Windows, Mac, iOS, සහ Android යන platform වල තිබෙන සියළුම Office apps වල icons වල පෙනුම වෙනස් වන අතර සෑම device එකක දීම ඉතාමත් සරළ සහ පැහැදිළි, modern පෙනුමක් ලබා දීමට මේ icons සමත් වනු ඇති බව ඔවුන් ප්‍රකාශ කරනවා.

සියළුම Office apps වලට අදාල icons වලට එක හා සමාන බවක් සහ සරළ බවක් ලබා දෙන අතරම ඒවායේ නමට අදාල වන අකුරක් ද එකතු කිරීමට ඔවුන් උත්සාහ ගෙන තිබෙනවා.

මේ අලුත් icons යනු Microsoft apps වලට එකතු වන අලුත් පෙනුමෙහි එක් කොටසක් පමණක් වන බවත් මේ වන විට ඔවුන් අනෙකුත් interfaces වලත් පෙනුම වෙනස් කරන්නට කටයුතු කරනු ලබන බවත් දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Business Insider වෙබ් අඩවිය භාවිතා කළ හැක.