Power Board එක අධික ලෙස රත් වීමේ ගැටලුවක් හේතු කොටගෙන LG OLED රූපවාහිනී මාදිලි කිහිපයක් නැවත කැඳවීමට LG සමාගම තීරණය කර තිබෙන බව මේ වන විට වාර්ථා වෙනවා.

මේ අනුව 2016 වර්ෂයේ පෙබරවාරි සිට 2019 වර්ෂයේ සැප්තැම්බර් යන කාළසීමාව තුළ නිකුත් කරන ලද LG OLED TV B7 මාදිලියේ සිට C7 දක්වා වන මාදිලි මෙන්ම LG C9 හා B9 යන මාදිලි ද ඇතුලත්ව, මාදිලි 18කට අයත් ඒකක 60,000 ක් පමණ මෙලෙස නැවත කැඳවීමට LG සමාගම තීරණය කර තිබෙනවා.

එමෙන්ම LG සමාගම විසින් මෙලෙස දෝෂයට ලක්වූ power board වෙනුවට නව power board replace කරමින් මෙම දෝෂය නිරාකරණය කිරීමට උත්සාහ ගනිමින් සිටින අතර මේ වන විට හඳුනාගෙන ඇති රූපවාහිනි ඒකක 60,000 ක ප්‍රමාණයෙන් 22,000 ක් පමණ අලුත්වැඩියා කර ඇති බව ද වාර්ථා වෙනවා.

කෙසේ වුවත් LG සමාගම විසින් 2020 වර්ෂය සඳහා නිකුත් කරන ලද CX හා GX යන මාදිලි වල මෙම දෝෂය නොමැති බව හඳුනාගෙන ඇත අතර දකුණු කොරියාවෙන් පිටත භාවිතා වන මෙම මාදිලි වල රූපවාහිනි යන්ත්‍ර සඳහාද මෙම දෝෂය බලපා නොමැති බව හඳුනාගෙන තිබෙනවා.

ඒ නිසා කොරියාවෙන් පිටත පාරිභෝගිකයන් මෙම ගැටළුව සම්බන්ධයෙන් බිය වීමට අවශ්‍ය නැති බව LG සමාගම වැඩිදුරටත් පෙන්වා දෙන අතර කොරියාව තුළ ලබා දී ඇති Power Requirement එක මෙම දෝශයට හේතු වී ඇති බව LG සමාගම ප්‍රකාශ කරනවා.

කෙසේ වුවත් LG සමාගමේ මේ repairing program එකට කොරියාවෙන් පිටත භාවිතා වන රූපවාහිනී ඇතුළත් නොවන බැවින් කොරියාවෙන් පිටත භාවිතා වන රූපවාහිනී සඳහා මෙම දෝෂය පැමිණිය ද ඒවා සඳහා නව Power Board සවි කිරීම LG සමාගම විසින් සිදු නොකරනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Techradar වෙබ් අඩවිය, T3 වෙබ් අඩවිය සහ PC Mag වෙබ් අඩවිය භාවිතා කළ හැක.