Huawei සමාගම මේ වන විට ඇමරිකාවේ නව වෙළෙඳ ප්‍රතිපත්ති හමුවේ සිය වෙළඳපොල ආරක්ෂා කර ගැනීමේ අරගලයක නිරත වීමේ පසුබිම තුළ ඔවුන් හට ඉන්දියානු වෙළෙඳපොළ ද අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

පසුගිය දිනක ඉන්දියාව සහ චීනය අතර ඇති වූ දේශ සීමා අර්බුදය මීට හේතුව වන අතර මේ පිළිබඳව සහ ඒ ආශ්‍රිතව ඉන්දියානු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ සිදුවන වෙනස්කම් පිළිබඳව අපි ලිපි කිහිපයකින්ම මීට පෙර ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති.

චීනය සහ ඉන්දියාව අතර ඇති වූ දේශ සීමා අර්බුදය හේතුවෙන් ඉන්දියාවේ පිහිටා ඇති Apple ඇතුළු තාක්ෂණික සමාගම් අර්බුදයකට මුහුණ දෙයි
දේශ සීමා ගැටලුවක් මුල් කර ගෙන පසුගිය දිනක චීනය සහ ඉන්දියාව අතර ඇති වූ මතභේදාත්මකතත්වය පිළිබඳ ඔබ දැනටමත් දන්නවා ඇති. මෙම තත්වය හේතුකරගෙන ඉන්දියාව විසින් චීනය පදනම් කරගත් Mobile App 50 කට අධිකප්‍රමාණයක් ඉන්දියාව තුළ තහනම් කරන ලද අතර අපි මීට පෙර ලිපියකින් ඒ පිළිබඳසවිස්තරාත්මක විස්තරයක් ඔබ වෙත ගෙන ආ…

මේ අතර අලුත්ම වාර්ථා අනුව Huawei සමාගම ඉන්දියානු වෙළඳපොළෙන් බලාපොරොත්තු වූ ආදායම 50% කින් පමණ අත්හැර දැමීමට තීරණය කර ඇති අතර, ඒ අනුව ඩොලර් මිලියන 700-800 ත් අතර ලැබෙනු ඇතැයි අනුමාන කළ ආදායම, මේ වන විට ඩොලර් මිලියන 350-500 අතර වූ ප්‍රමාණයක් දක්වා අඩු කර ඇස්තමේන්තු කර ඇති බව වාර්ථා වෙනවා.

බළාපොරොත්තු වන ආදායම් ප්‍රමාණය අඩු කිරීමට සමගාමීව ඉන්දියාවේ Huawei සමාගමට අනුබද්ධව සේවය කරන සිය සේවක සංඛ්‍යාවෙන් 70% ට වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමටද සමාගම තීරණය කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

කෙසේ වුවත්, Research & Development සහ Huawei Global Service Centre හි සේවය කරන සේවකයන් සඳහා මෙම තීරණය බලනොපානු ඇති බවද වාර්තා වෙනවා.

ආසියාවේ තුන්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ ඉන්දියාව වන අතර, ඉන්දියාව සහ චීනය අතර කුමන එදිරිවාදිකම් පැවැතියද, තවමත් ඉන්දීය ජංගම දුරකථන වෙළඳපල ආක්‍රමණය කොට තිබෙන දැවැන්තයින් සියල්ලක්ම චීන දුරකථන නිෂ්පාදකයින් බව දැකගත හැකි වෙනවා.

2020 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ඉන්දියාවේ වැඩිම අලෙවියක් සහිත ජංගම දුරකථන වෙළදනාම පහෙන් හතරක්ම චීන වෙලඳ නාම වන අතර Xiaomi එම ලැයිස්තුවේ ඉහළින්ම සිටින සන්නාමය වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.