Microsoft සමාගම විසින් Windows වල මීළඟ සංස්කරණය ජුනි 24 වැනි දින එළිදැක්වීමට සූදානම් වන බව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කලා මතක ඇති.

ජුනි 24 වැනි දින Windows වල මීළඟ සංස්කරණය එළිදැක්වීමට Microsoft සමාගම සූදානම් වෙයි
Microsoft සමාගම විසින් “next generation of Windows” යනුවෙන් සංකේතවත් කරන Windowsමෙහෙයුම් පද්ධති මාලාවේ මීළඟ සංස්කරණය යැයි සැළකිය හැකි සංස්කරණයක් පිළිබඳවපසුගියදා පැවති Build event එක අතරතුරදී කෙටියෙන් සඳහන් කරනු ලැබුවා. මේ වන විට මෙම අලුත් Windows සංස්කරණය එළිදැක්වීම සඳහා වන event එක පැවැත්වීමටනි…

එහිදී නව version එක හඳුන්වන නම කුමක් දැයි නිල වශයෙන් හෙළි නොකළද, එය Windows 11 ලෙස launch කරනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කෙරෙනවා.

Microsoft සමාගම විසින් Windows 10 සඳහා ලබාදෙන සහාය 2025 ඔක්තෝබර් 14 වන දිනෙන් අවසන් කරන බව සඳහන් කරන අතර support page එකෙහි සඳහන් වන ආකරයට මෙය Windows 10 Home සහ Pro (Pro Education, Pro for Workstations) යන Windows editions සඳහා වලංගුවෙනවා.

Windows 10 Home and Pro - Microsoft Lifecycle
Windows 10 Home and Pro follows the Modern Lifecycle Policy.

මෙම ප්‍රකාශය හේතුවෙන් ලබන සතියේ එළිදැක්වීමට නියමිත Windows හි නව version එක Windows 10 ලෙස නිකුත් නොවනු ඇතැයි විශ්වාස කිරීමට බොහෝ දෙනා පෙළඹී තිබෙන පසුබිමක ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත Windows සංස්කරණයේ යැයි සැලකෙන Windows 11 හි නව UI එක දැක්වෙන screenshots සහ videos කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙන බවද දැකගැනීමට හැකියාව තිබෙනවා.

මෙලෙස අන්තර්ජාලයට නිකුත් වී ඇති තොරතුරුවලට අනුව, මීළගට නිකුත් වීමට නියමිත Windows version එකෙහි තරමක් විශාල UI වෙනස්කමක් දැකගැනීමට හැකියාව ලැබෙන අතර එහි Start menu එකෙහි Live Tiles දැකගැනීමට හැකියාවක් නොමැති වන අතර එය Windows 10 හි තිබූ Start menu එකට වඩා සරල බවකින් දිස්වෙනවා.

එමෙන්ම, taskbar එකෙහි app icons සහ Start menu එක center align වී ඇති අතර ඔබට අවශ්‍ය නම්, ඒවා සියල්ලම වම් පැත්තට ගෙනයාමට option එකක්ද මෙහි ලබාදී ඇති බවට වාර්තා වෙනවා. ඊට අමතරව, මෙහි Windows 10 වල දැකගැනීමට හැකි වූ dark mode එකට වඩා clean dark mode එකක් දැක ගැනීමට හැකිවන අතර OS එක පුරාවටම rounded corners භාවිතා කර තිබෙන බවද දැකගැනීමට පුළුවන්.

Windows 11 හි taskbar එකේ widgets ලෙස නම් කරන ලද නව icon එකක් ඇති අතර ඒ සමඟ Microsoft සමාගම විසින් Windows widgets නැවත ගෙන එනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා. නමුත් මෙය Windows 11 හි මූලික මට්ටමේ සංස්කරණයක් බැවින්, මෙම widgets OS එක තුළ සම්පූර්ණයෙන්ම load වන්නේ නොමැති වෙනවා.

Early version of Windows Widgets in Windows 11

බොහෝ දුරට මෙම widgets design කර ඇත්තේ ප්‍රවෘත්ති, කාලගුණය සහ වෙනත් web content වෙත ඉක්මන් ප්‍රවේශයක් ලබාදීම සඳහා වියහැකිය.

Windows 11 හි ඇති සියලුම apps වල maximize button එක හරහා snap controls access කිරීමට හැකියාව ලබාදී ඇති අතර එමගින් ඔබට ඉක්මනින්ම windows side by side කිරීමට හෝ sections වලට arrange කිරීමට හැකියාව හිමිවෙනවා.

View post on imgur.com
Windows 11’s new snap feature

එමෙන්ම, Windows 11 සමඟ නව startup sound එකක් ලබාදීමටද Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

Microsoft සමාගම පසුගිය කාලයේදී නව Microsoft Store එකක් හඳුන්වාදීම සඳහාද කටයුතු කරමින් සිටින බව වාර්තා වූ නමුත් මෙම Windows version එක හරහා Microsoft Store එකෙහි සැලකිය යුතු වෙනසක් දැකගැනීමට හැකියාවක් නොමැති වෙනවා. නමුත් මෙය Windows 11 හි මූලික මට්ටමේ සංස්කරණයක් බැවින්, ඉදිරියේදී පැමිණෙන build එකක් හරහා Microsoft Store එකෙහිද විශාල වෙනස්කම් කිහිපයක්ම බලාපොරොත්තු වීමට පුළුවන්.

The existing Windows Store in Windows 11

මෙය තවමත් Windows 11 හි මූලික මට්ටමේ සංස්කරණයක් වන බැවින් ඉදිරියේදී නිකුත් වීමට නියමිත Windows සංස්කරණයේ ඇති සියලුම විශේෂාංග තවමත් ඇතුළත් කර නොමැති විය හැකි අතර ජුනි මස 24 වෙනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8:30ට පැවැත්වෙන event එක මගින් announce කරනු ලබන නිළ තොරතුරු පිළිබඳව විස්තරද ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Microsoft Lifecycle වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Softpedia වෙබ් අඩවිය (1), (2) භාවිතා කළ හැක.