World Wide Web, එහෙමත් නැතිනම් ලෝක ව්‍යාප්ත ජාලයෙහි පියා ලෙසින් විරුදාවලි ලත් Sir Tim Berners-Lee, ඔහු විසින් මුලින්ම ලොවට හඳුන්වාදුන් web browser එකෙහි source code එක විකුණාදැමීමට සූදානම් වෙමින් සිටිනවා.

වසර 30කට පෙර නිර්මාණය කළ ලොව පළමුවැනි World Wide Web Browser එක භාවිතා කිරීමේ අවස්ථාව නැවතත් ලබා දෙයි
මේ වන විට අපි භාවිතා කරන අන්තර්ජාලය මුලින්ම නිර්මාණය වුණේ CERN එහෙමත් නැතිනම්European Organization for Nuclear Research කියන ආයතනය[https://en.wikipedia.org/wiki/CERN] තුලයි. ඉතින් වසර 30කට පෙර, 1989 වර්ෂයේදී එහි සිටි ඉන්ජිනේරුවන් විසින් ලොව මුල්මHyperText Browser එක [https://worldwideweb.cern.ch/…

Digital assets අලෙවි කිරීම සඳහා මෑත කාලයේදී ජනප්‍රිය වූ ක්‍රමවේදයක් වන NTF එකක්, එහෙමත් නැතිනම් non-fungible token එකක් ලෙස මෙම අලෙවි කිරීම සිදු කෙරෙනු ලැබෙනවා.

එය මිලදීගන්නාට අදාල blockchain එකෙහි hash token එකට අමතරව,

  1. 1990 ඔක්තෝම්බර් 3 සහ 1992 අගෝස්තු 24 දක්වා time-stamp සහිත (HTML, HTTP, URI සඳහා වන) original source code files ටික
  2. code එක type කරනු ලබන ආකාරය පෙන්වන මිනිත්තු 30කින් යුතු video එකක්
  3. Poster එකක් ලෙස print කළ හැකි source code එකේ vector (SVG) file එකක්
  4. Tim Berners-Lee විසින් README.md file එකෙහි markdown වලින් ලියන ලද ලිපියක්

ද ලැබෙනවා.

කොහොම නමුත් මේ වන විටත් මෙම source code එකට සමාන source code එකක් අන්තර්ජාලයට එකතු කර ඇති නමුත්, එය original code එක නොවන බවත්, මෙහිදී මිලදීගන්නා හට code එක ලැබුණත් එය compile කර අදාල browser එක run කිරීම ඉතාමත් අපහසු වනු ඇති බව අනුමාන කෙරෙනවා.

Inside the Code — WorldWideWeb NeXT Application
A deconstruction of some of the more interesting bits we found hiding in the WorldWideWeb source code

යම් හෙයකින් එය එසේ run කරගැනීමට හැකි වුවත්, දැනට පවතින web pages ඒ හරහා නැරඹීම ඉතාමත් අපහසු වනු ඇත.

කෙසේ වුවත් මෙය වැදගත් වන්නේ web browser එකක් ලෙස භාවිතා කිරීමට නොව එහි ඇති sentimental value එක නිසාවෙන් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

අප මේ වන විට විවිධ ආකාරයේ web browser භාවිතා කරමින් අන්තර්ජාලයෙහි සැරිසරන්නේ Berners-Lee මහතා විසින් ඔහු‍ගේ අදහස් වන web browser හෝ websites වෙනුවෙන් patent බලපත්‍රයක් නොගෙන එය වෙනත් පුද්ගලයින් හට වැඩිදියුණු කළ හැකි ලෙස නිදහස් කර තිබීම නිසාවෙන් බව මෙහිදී මතක් කළ යුතු වෙනවා.

Financial Times වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට ලොව ප්‍රථම web browser එක නිර්මාණය කිරීම සඳහා මේ දක්වා ඔහුට කිසිඳු ආදායමක් ලැබී නොමැති අතර, මෙලෙස එහි source code එක NFT එකක් ලෙස අලෙවි කිරීම මගින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔහුට තම නිර්මාණය වෙනුවෙන් මුදලක් ලැබෙනවා.

යම් හෙයකින් ඔබ මේ browser එකට අදාල NFT එක මිලදීගැනීමට කැමැත්තෙන් සිටින්නේ නම් Sotheby වෙබ් අඩවිය හරහා ජුනි 23 වැනි දින සිට 30 දක්වා ඒ සඳහා තමන්ගේ ලංසුව ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

මෙහි ලංසු තැබීම ආරම්භ වන්නේ ඇමෙරිකානු ඩොළර් $1,000කින් බව ද වාර්තා වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Sothebysවෙබ් අඩවිය භාවිතා කළ හැක.