Microsoft සමාගම විසින් “next generation of Windows” යනුවෙන් සංකේතවත් කරන Windows මෙහෙයුම් පද්ධති මාලාවේ මීළඟ සංස්කරණය යැයි සැළකිය හැකි සංස්කරණයක් පිළිබඳව පසුගියදා පැවති Build event එක අතරතුරදී කෙටියෙන් සඳහන් කරනු ලැබුවා.

මේ වන විට මෙම අලුත් Windows සංස්කරණය එළිදැක්වීම සඳහා වන event එක පැවැත්වීමට නියමිත දිනය නිවේදනය කර ඇති අතර, මීළඟ ජුනි 24 වැනි දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8:30ට මෙම event එක පැවැත්වීමට Microsoft සමාගම සූදානමින් සිටිනවා.

මෙම event එක සඳහා මේ වන විටත් මාධ්‍ය ආයතන වලට invitations යැවීම ආරම්භ කර ඇති අතර, event එක Microsoft සමාගමේ CEO වන Satya Nadella සහ Chief Product Officer වන Panos Panay විසින් ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වෙනවා.

මීට පෙර බොහෝ දෙනා විමසිල්ලෙන් සිටි Windows 10X මෙහෙයුම් පද්ධතිය වැඩිදියුණු කිරීම නිළ වශයෙන් නවත්වාදැමීමෙන් පසුව, ඔවුන්ගේ අවධානය සාමාන්‍යය Windows 10 මෙහෙයුම් පද්ධතිය වැඩිදියුණු කිරීම වෙත යොමු කරන බව Microsoft සමාගම ප්‍රකාශ කර සිටියා.

මේ අනුව Windows 10 මෙහෙයුම් පද්ධතියේ UI වල විශාල වෙනසක් සිදු වනු ඇති බව අපේක්ෂා කෙරෙන අතර, මෙම වැඩිදියුණු කිරීම් ඇතුලත් වන "Sun Valley" නම් වන codename එකක් මගින් හඳුන්වන Windows සංස්කරණයක් පිළිබඳව ද තොරතුරු වාර්තා වෙනවා.

එමෙන්ම පසුගිය Build event එක අතරතුරදී Satya Nadella විසින් ප්‍රකාශ කර සිටියේ Windows platform එක තුළ developer වරුන් හට ආදායම් ලැබිය හැකි තත්ත්වයක් ඇති කිරීම වෙනුවෙන් ද Microsoft සමාගම කටයුතු කරමින් සිටින බවයි.

මීට අමතරව Windows logo එක ද තරමක් දුරට වෙනස් කිරීමට Microsoft සමාගම කටයුතු කර ඇති බව දැකගත හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Microsoft වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.