Autonomous Car,Bike සහ Delivery Robot එකක් ගැන මීට කලින් අසන්නට ලැබුණත් Autonomous lawnmower ‍එහෙමත් නැතිනම් තණකොළ කපන යන්ත්‍රයක් ගැන මීට කලින් ඔබ අසා නැතිව ඇති.

ඔන්න දැන් iRobot කියන ආයතනය විසින් Terra Robot Mower නමින් හැඳින්වෙන ස්ව්‍යංක්‍රීයව පාලනය වන තණකොළ කපන යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබෙන අතර මේ යන්ත්‍රයට එක දිගට පැයක කාළසීමාවක් තනිවම තණකොළ කැපීමේ කාර්යයෙහි නිරත වීමට හැකියාව තිබෙනවා.

පැයකින් පසු එම යන්ත්‍රය charge කළ යුතු වන නමුත් තණකොළ කපමින් සිටින අතරතුර මෙහි බැටරිය බැස ගියහොත්, තනිවම ගොස් charge කිරීම සිදු කරගෙන නැවතත් පැමිණ නැවැත්වූ තැන සිට වැඩ ආරම්භ කිරීමට මේ යන්ත්‍රයට හැකියාව තිබෙනවා.

තණකොළ කැපිය යුතු ප්‍රදේශය ආවරණය වන පරිදි wireless beacons කිහිපයක් හරහා අදාල ප්‍රදේශයෙහි මායිම පෙන්වා එයට අදාල app එක හරහා එම ප්‍රදේශයේ ගමන් කළ යුතු ආකාරය ගැන මෙම යන්ත්‍රය පුහුණු කිරීමට මෙය භාවිතා කරන්නාට සිදු වෙනවා.

ඉන් පසුව තම කාර්යය නිවැරදිව, තවෙකෙකුගේ මැදිහත්වීමකින් තොරව නිම කිරීමට මෙම යන්ත්‍රයට හැකියාව තිබෙන අතර තණකොළ කැපිය යුතු උස ප්‍රමාණය, කාළ සීමාව වැනි දේවල් අදාල app එක හරහා ම සැකසීමේ පහසුකම ද මෙයට ඇතුලත් වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ iRobot වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.