2016 වර්ෂයේ අප්‍රේල් පළමුවැනිදා April Fool's Day එක, එහෙමත් නැතිනම් මෝඩයාගේ දිනය සැමරීම සඳහා Self-driving bicycle ගැන Google සමාගම විසින් video එකක් නිකුත් කළා මතක ඇති.

කොහොම නමුත් ඔන්න දැන් Uber සමාගම මේ ක්‍රමය සැබැවින්ම නිර්මාණය කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් පවතින බව දැනගන්නට ලැබෙනවා.

මේ අනුව Scooter සහ Bike වලට Autonomous, එහෙමත් නැතිනම් ස්ව්‍යංක්‍රීයව පාලනය වීමේ හැකියාව අන්තර්ගත කිරීම සඳහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව 3D Robotics ආයතනයේ CEO වන Chris Anderson විසින් Twitter හරහා නිවේදනය කර තිබෙනවා.

මේ ව්‍යාපෘතිය හරහා නිෂ්පාදනය කිරීමට බළාපොරොත්තු වන Bike සහ Scooter වලට තනිවම ඒවා charge කරගැනීමට මෙන්ම, Uber පාරිභෝගිකයෙකු ඉල්ලා සිටින අවස්ථාවකදී අදාල ස්ථානයට තනිවම ගමන් කිරීමේ හැකියාව තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

එමෙන්ම පසුගිය දින වල Uber සමාගම විසින් ඔවුන්ගේ Electric වාහන සඳහා swap කළ හැකි, එනම් පහසුවෙන් මාරු කිරීමට හැකියාව ඇති Battery හඳුන්වාදීමට කටයුතු කළ අතර මේ හරහා Uber සඳහා ධාවනයෙහි යෙදෙන මෝටර් රථ Charge වන තුරු park කර තිබීමේ අවශ්‍යයතාවය නොමැති වී යනවා.

මීට අමතරව පසුගිය CES සමුළුවට පැමිණි Uber සමාගම, 2020 වන විට අහසින් යන Taxi සේවාවක් ආරම්භ කිරීම වෙනුවෙන් Bell සමාගම සමඟ එකතු වී කටයුතු කරමින් පවතින් බව ඔබව දැනුවත් කළා මතක ඇති.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය හා Telegraph වෙබ් අඩවිය භාවිතා කළ හැක.