Amazon සමාගම විසින් තම ස‍ේවාවන් විසින් අලෙවි කරනු ලබන භාණ්ඩ, තම පාරිභෝගිකයන් වෙත භාර දීම සඳහා Amazon Scout නමින් හඳුන්වන රෝද හයකින් යුතු අලුත් රෝබෝවරයෙකු නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.

මේ Amazon Scout රොබෝ යන්ත්‍රයට autonomous, එහෙමත් නැතිනම් ස්ව්‍යංක්‍රීයව පාළනය වීමේ හැකියාව තිබෙන අතර මෙම යන්ත්‍රය ඔවුන්ගේ Amazon Last-Mile delivery සේවාව සමඟ අන්තර්ගත කිරීමට කටයුතු කර තිබෙන බවත් දැනගන්නට ලැබෙනවා.

මෙම රොබෝ යන්ත්‍රය  රෝද 6කින් සමන්විත වන අතර electric battery එකකින් බළගැන්වෙන බවත් ගමනාන්තය පුරාවට මාර්ග වල ගමන් කරන්නන්ට හා සුරතල් සතුන් හට කිසිඳු අනතුරුක් සිදු නොවීමට වග බළාගැනීමට මෙම යන්ත්‍රයට හැකියාව තිබෙන බව Amazon සමාගම ප්‍රකාශ කරනවා.

මූලිකව මේ Amazon Scout යන්ත්‍ර 6ක් භාවිතා කරමින් Amazon Prime subscription එක ලබාගෙන ඇති පාරිභෝගිකයන් හට සඳුදා සිට සිකුරාදා දක්වා සිදු කරමින් පවතින delivery සේවාවන් සපිරීමට කටයුතු කෙරෙනු ඇති බවත්, මෙම රෝබෝවරුන් මූලික වශයෙන් Amazon සමාගමේ සේවකයෙකුගේ සහාය ලබාගෙන්, ඉන් අනතුරුව තනිවම කටයුතු කරමින් අදාල ස්ථානයට භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සමත් වන බවත් Amazon සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ වන විටත් ඇමෙරිකාවේ Snohomish ප්‍රාන්තයේ මෙම සේවාව අත්හදා බළමින් පවතින අතර ඉදිරියේදී මෙම සේවාව වඩාත් ගුණාත්මක අයුරින් රට පුරා ව්‍යාප්ත කිරීමට Amazon සමාගම බළාපොරොත්තු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා About Amazon Blog එකත්, The Verge වෙබ් අඩවියත් භාවිතා කළ හැක.