Samsung සමාගම විසින් ලොව ප්‍රථම වතාවට 1TB eUFS එහෙමත් නැතිනම් embedded Universal Flash Storage chip නිෂ්පාදනය ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මේ අනුව මීළඟට වෙළඳපොලට නිකුත් වීමට නියමිත ජංගම දුරකථන සඳහා තනි chip එකක් හරහා 1TB internal storage එකක් හරහා අන්තර්ගත කිරීමට ජංගම දුරකථන නිෂ්පාදකයන් හට අවස්ථාව ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

Samsung සමාගමේ memory ඒකකයේ උප සභාපතිවරයෙකු වන Cheol Choi විසින් ප්‍රකාශ කරන පරිදි මේ අලුතින් නිෂ්පාදනය කරනු ලබන chip හරහා ජංගම දුරකථන මෙන්ම notebook පරිගණක වැනි මීළඟ පරම්පරාවේ mobile devices වලට අන්තර්ගත කළ හැකි වෙනවා.

මීට පෙර Samsung සමාගම විසින් නිෂ්පාදනය කර තිබූ 512GB chip එකෙහි ප්‍රමාණයටම මේ අලුත් chip එක design කර ඇති අතර තත්ත්පරයක් තුලදී 1,000MB reading speed එකක් මේ chip එක හරහා ලබාගත හැකි බවත් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

මීළඟට නිකුත් වීමට නියමිත Samsung Galaxy S10 හා Note 10 වැනි ජංගම දුරකථන වලින් මේ chip එක දැකගැනීමට හැකියාව ලැබේවි යැයි අනුමාන කළ හැකි අතර ARM පාදක කරගත් low powered notebook පරිගණක වලට ද මෙය ඉතාමත් වැදගත් අංගයක් වනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Samsung වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.