Apple සමාගමට ජර්මනිය තුල තම iPhone 7 සහ 8 මාදිලි අලෙවි කිරීම තහනම් කරමින් උසාවි නියෝගයක් ලබා දීමට කටයුතු කළ බව පසුගිය ජනවාර් මස 5 වැනිදා අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Qualcomm සමාගමේ patent බළපත්‍ර කිහිපයක් උල්ලංඝනය කිරීමේ චෝදනාව පිට මෙම තීන්දුව ලබා දීමට කටයුතු කළත්, Qualcomm සමාගම සමඟ සාකච්ඡා කර, එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව මේ වන විට නැවතත් ඉහත සඳහන් කළ iPhone මාදිලි ජර්මනිය තුළ අලෙවි කිරීමට අවසර ලබා දී තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

කෙසේ නමුත් Qualcomm සමාගම සමඟ පැමිණ තිබෙන එකඟතාවයට අනුව Apple සමාගමට iPhone 7 සහ 8 ජංගම දුරකථන වලින්, Qualcomm chips භාවිතා කළ iPhone පමණක් ජර්මනිය තුල අලෙවි කිරීමට අවස්ථාව ලබා දී තිබෙන අතර, Intel chips සහිත iPhone අලෙවි කිරීම අවහිර කිරීමට Qualcomm සමාගම තීරණය කර තිබෙනවා.

මේ අනුව සියළුම iPhone මාදිලි ජර්මනිය තුල අලෙවි කිරීම සිදු කිරීමට නම් Intel chips භාවිතා කිරීම නවතා දමා Qualcomm chips පමණක් භාවිතා කිරීමට ඔවුනට සිදු වන බව Apple සමාගම ප්‍රකාශ කර තිබෙනවා.


Apple සමාගමට චීනය තුල iPhone මාදිලි රැසක් අලෙවි කිරීම තහනම් කරමින් ලබා දී තිබූ අධිකරණ නියෝගය තවමත් පවතින නමුත්, අදාල මාදිලි වලට software update එකක් ලබා දීම මගින් එය විසඳීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.