Qualcomm සමාගම විසින් ගොණු කරන ලද නඩු කිහිපයක් නිසාවෙන් චීනය තුළ iPhone මාදිලි කිහිපයක් අලෙවි කිරීම තහනම් කළ බව මෙන්ම ඒ ඔස්සේ Apple සමාගම ගත් ක්‍රියාමාර්ග ගැනත් අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

චීනයට අමතරව තවත් උසාවි කිහිපයක මේ පිළිබඳව නඩු පවරා ඇති බව අපි ඉහත ලිපියේ සඳහන් කර ඇති ලෙසම ඔන්න දැන් ජර්මනියේ Munich උසාවියෙන් ලබා දී ඇති නියෝගයක් මත iPhone 7 සහ iPhone 8 යන මාදිලි ජර්මනියේ ද අලෙවි කිරීම තහනම් කර තිබෙනවා.

මේ තීන්දුවට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ Qualcomm සමාගම සතු patent බළපත්‍රයක ඇති battery saving තාක්ෂණයක් ඉහත සඳහන් iPhone මාදිලි ද්විත්වයෙහි භාවිතා වන බවයි.

ඒ අනුව Apple සමාගමට iPhone 7 සහ 8 මාදිලි ජර්මනියට ගෙන්වීම හා අලෙවි කිරීම තහනම් වන අතර මේ වන විටත් ඔවුන්ගේ ජර්මානු වෙබ් අඩවියෙන් එම මාදිලි ඉවත් කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

නිළ Apple store වලට අමතරව වෙනත් පාර්ශව 4,300ක් පමණ හරහා අලෙවි කිරීමට යොමු කර ඇති ජංගම දුරකථන ද නැවත ගෙන්වාගැනීමට නියෝග කර ඇති නමුත් තවමත් එය ක්‍රියාත්මක වන බවක් නම් පෙනෙන්නට නැහැ.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.