Google Play Store එකේ Malware apps තිබෙන බව අපිට නිතරම අහන්නට ලැබෙන පුවතක් වුණත් මෙවැනි අනතුරුදායක Apps, Play Store එකෙන් ඈත් කර තැබීමට Google සමාගම දරණ උත්සාහය ගැන මේ වන තුරු තොරතුරු වාර්ථා වී තිබුණේ නැහැ.

කොහොම නමුත් පසුගිය අවුරුද්ද ඇතුලතදී ඊට කලින් අවුරුද්දට වඩා 55%ක ප්‍රමාණයකින් Apps ප්‍රතික්ෂේප කිරීමට Google සමාගම කටයුතු කර ඇති අතර, 66%ක ප්‍රමාණයකින් Play Store එක තුල තිබුණු apps තහනම් කිරීමට කටයුතු කර තිබෙන බවත් මේ වන විට දැනගන්නට ලැබෙනවා.

එමෙන්ම 2017 වර්ෂයේදී Google Play Protect පහසුකම හඳුන්වා දීමත් සමඟින් අනතුරුදායක Apps හඳුනාගැනීම වඩාත් වේගවත් වූ අතර මේ වන විට සෑම දිනකදීම මේ Play Protect සේවාව හරහා, බිලියන 2ක් පමණ වූ Android පරිශීලකයන්ගේ, Apps බිලියන 50ක් පමණ scan කරනු ලබන බව Google සමාගම ප්‍රකාශ කරනවා.

මේ හරහා ලද තොරතුරු මත පදනම්ව, Google Play Store එක හරහා install නොකරන, එනම් වෙනත් ස්ථානයකින් download කර install කරගන්නා apps සාමාන්‍යය වශයෙන් 8 ගුණයකින් පමණ අනතුරුදායක බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ ආකාරයේ අනුතුරුදායක Apps වලින් 80%ක පමණ ප්‍රමාණයක් ම නිර්මාණය කරනුයේ එකම developer network එකක සිටින පිරිසක් බවත්, ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කරන බවත් මොවුන් පවසනවා.

2019 වර්ෂයේදී Android පරිශීලකයන්ගේ Privacy එක, එහෙමත් නැතිනම් පෞද්ගලිකත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කරන බවත්, මෙම වසර තුලදී තවත් policies එකතු කිරීමට කටයුතු කරනු ලබන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.