පසුගිය දින වල චීනය තුළ iPhone අලෙවි කිරීම තාවකාලිකව අත්හිටුවමින් චීන අධිකරණය විසින් තීන්දුවක් නිකුත් කර තිබුණු අතර එයට හේතු වී තිබුණේ Apple සමාගම විසින් Qualcomm සමාගම සතු patent බළපත්‍ර ත්‍රිත්වයක් උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කරමින් ගොණු කර තිබුණු නඩුවක් හේතුවෙනි.

මේ අනුව iPhone 6S, iPhone 6S Plus, iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus සහ iPhone X යන ජංගම දුරකථන අලෙවි කිරීම මෙසේ තහනමට ලක් වූ අතර මේ තහනම නොතකා ඉහත කී ජංගම දුරකථන මාදිලි, චීනය තුල තවමත් අලෙවි කරමින් පවතින බව Qualcomm සමාගම පෙන්වා දෙනවා.

කොහොම වුණත් Apple සමාගම පෙන්වා දෙන්නේ මෙම නඩුව ගොණු කර තිබෙන්නේ පැරණි iOS සංස්කරණයක් මුල් කරගෙන වන බැවින් ඔවුන්ගේ නවතම iOS එකට මෙයින් බළපෑමක් ඇති නොවන බවත් අලුත්ම iOS update එක දැනටමත් ස්ථාපනය කර ඇති iPhone මාදිලි වලට මෙම උසාවි නියෝගය හරහා බළපෑමක් ඇති නොවන බවත් ය.

මේ වන විට Apple සහ Qualcomm සමාගම අතර නඩු ගණනාවක් උසාවි කිහිපයක් අතර ම විභාග කෙරෙමින් පවතින අතර මේවා දීර්ඝ කාලයක් තිස්සේ දිව යනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, 9to5mac වෙබ් අඩවිය හා CNBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.