Super Mario ගැන මේ වන විට නොදන්නා කෙනෙකු නොමැති තරම් වන අතර, මේ video game එක මීට වසර 33කට පමණ පෙර නිර්මාණය කළ, ඉන් පසු ලොව පුරාම ඉතාමත් ප්‍රසිද්ධියට පත් වූ video game එකක්.

මේ classic video game එක මුලින්ම Nintendo සමාගම විසින් නිර්මාණය කිරීමට කටයුතු කළ අතර මුලින්ම නිෂ්පාදනය කළ, විවෘත නොකරන ලද Super Mario Bros. copy එකක් ඊයේ දිනයේදී වෙන්දේසි කර විකිණීමට කටයුතු කර ඇති අතර එය ඇමෙරිකානු ඩොලර් $100,150ක මුදලකට අලෙවි කිරීමට ඔවුන් සමත් වී තිබෙනවා.


මේ Copy එක මේ තරම් වටින්නේ ඇයි?

Super Mario game එක 1985 වර්ෂයේ සිට මේ දක්වා වූ දශක කිහිපය අතරතුරදී කිහිප කිහිප වාරයකදීම නිළ වශයෙන් විවිධ වෙනස්කම් සහිතව නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

1985 සිට 1994 දක්වා කාලය තුලදී පමණක් මෙවැනි versions 11ක් නිකුත් කර තිබෙන අතර මේ versions වල packing එකේ විවිධ වෙනස්කම් කිහිපයක් ඇතුලත් වී තිබෙනවා. ඇතැම් ඒවායේ trademark symbol එක ඇතුලත් වීම/නොවීම, graphics වැඩිදියුණු කිරීම වැනි සුළු දේවල් වලින් මේවා එකිනෙක වෙනස් වෙනවා.

ඉතින් මේ Mario game එක ලෝකප්‍රසිද්ධ වේවි යැයි අදහසක් නොතිබූ කාලයේ, මුලින්ම මෙය අත්හදා බැලීම සඳහා වෙළඳපොලට නිකුත් කිරීමේදී වැඩි ආටෝපයන්ගෙන් තොර සාමාන්‍යය කළු වර්ණයෙන් යුතු Box එකක් සමඟින් මෙය අලෙවි කිරීමට කටයුතු යෙදී තිබුණා.

මූලිකව මෙහි copies විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය නොකෙරුණු අතර නිෂ්පාදනය කළ copies කිහිපය අතරින් මෙම copy එක එකක් වන බව දැනගන්නට ලැබෙනවා.


Heritage Auctions සමාගම විසින් මෙම වෙන්දේසි කිරීම සිදු කර ඇති අතර මෙය මිලදීගැනීමට කටයුතු කර තිබෙන්නේ මෙවැනි video game එකතු කරන්නන් පිරිසක් බව දැනගන්නට ලැබෙනවා. කොහොම වුණත් මේ අනුව මෙය ලොව මිළ අධිකම video game එක ලෙස නොවෙතත්, වැඩිම මිලකට අලෙවි වුණු video game කිහිපය අතරට එකතු වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Heritage Auctions වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.