iPhone 12 මාලාව එළිදැක්වීමේ කටයුතු මාසයක් හෝ දෙකක් ප්‍රමාද විය හැකි බව මීට පෙර අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

iPhone 12 ජංගම දුරකථනය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම තවත් මාසයකින් පමණ ප්‍රමාද වෙනු ඇති බව වාර්ථා වෙයි
The Wall Street Journal[https://www.wsj.com/articles/apple-delays-mass-production-of-2020-flagship-iphones-11587984138] වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට COVID-19 බලපෑම නිසාවෙන් ඇපල් සමාගම විසින් එළඹෙනiPhone 12 දුරකථන විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම මාසයක් පමණ ප්‍රමාද කරන බව වාර්තාවේ. සාමාන්‍යයයෙන් App…

ඉන් පසුව මේ පිළිබඳව Apple සමාගම විසින් කිසිඳු නිළ තොරතුරක් වාර්ථා කිරීමට කටයුතු නොකළ නමුත්, මේ වන විට iPhone 12 ජංගම දුරකථන මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ජූලි මාසයේදී ආරම්භ කිරීමට සූදානමක් ඇති බව Mac Rumors වෙබ් අඩවිය වාර්ථා කරනු ලබනවා.

පසුගිය කාලය තුළදී iPhone 12 ජංගම දුරකථනය පිළිබඳව තොරතුරු රාශියක් අන්තර්ජාලය හරහා හෙළිවූ අතර නව වාර්තාවක් විසින් iPhone 12 ජංගම දුරකථනය පිළිබඳ තවත් විස්තර කිහිපයක් හෙළිකිරීමට සමත් වී තිබේ.

ඒ අනුව Cupertino පාදක කරගත් තාක්ෂණික දැවැන්තයා විසින් මේ මස අග වන විට iPhone 12 කාණ්ඩයේ දෙවන අදියර, එනම් ඉංජිනේරු වලංගුකරණය සහ පරීක්ෂණ (EVT) සම්පූර්ණ කර ජූලි මාසයේදී සියලුම මාදිලි වල නිෂ්පාදනය ආරම්භ කරනු ඇති බව එම වාර්ථා මගින් හෙළිකරනවා.

Apple සමාගම iPhone 12 හි මාදිලි හතරක් එළිදක්වන බවට කටකතා පැතිරී ඇති අතර ඒවා සියල්ලම ජූලි මාසයේදී නිෂ්පාදනයට පිවිසෙන බව ද වාර්තා වන නමුත්, high-end මාදිලි වල mmWave 5G antenna design වෙනස්වීම් හේතුවෙන් එම මාදිලි සියල්ලම එකවර දියත් කරයිද නැතහොත් වෙන වෙනම දියත් කරයිද යන්න පිළිබඳව තොරතුරු තවමත් වාර්තා වී නොමැත.

කොහොම නමුත් iPhone 12 ජංගම දුරකථනයෙහි සියලුම මාදිලි mmWave 5G තාක්ෂණය සමඟ නිකුත් නොවනු ඇති අතර lower-end iPhones sub-6GHz 5G තාක්ෂණය සඳහා පමණක් සහය දක්වනු ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSMArena වෙබ් අඩවිය සහ MacRumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.