The Wall Street Journal වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට COVID-19 බලපෑම නිසාවෙන් ඇපල් සමාගම විසින් එළඹෙන iPhone 12 දුරකථන විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම මාසයක් පමණ ප්‍රමාද කරන බව වාර්තා වේ.

සාමාන්‍යයයෙන් Apple සමාගම විසින් සැප්තැම්බර් මාසයේදී ඔවුන්ගේ අලුත් iPhone ජංගම දුරකථන එළිදක්වනු ලබන අතර එම මාසයේ අග වන විට අදාල devices ship කිරීම ආරම්භ කරනු ලබනවා.

මේ වාර්ථා වන ප්‍රමාදය හේතුවෙන් මෙම කාළසීමාවෙහි වෙනසක් බළාපොරොත්තු විය නොහැකි වුවත්, මෙම වසර අවසාන වන විට iPhone 12 මාදිලි වල හිඟයක් බළාපොරොත්තු විය හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මීට පෙර ද 2017 සැප්තැම්බර් මස iPhone X ජංගම දුරකථනය එළිදැක්වීමට කටයුතු කලද, නිෂ්පාදන කටයුතු වල ගැටළුවක් නිසාවෙන් එම වසරේ නොවැම්බර් මාසය පමණ දක්වා එම දුරකථන වෙළඳපොලට නිකුත් කිරීමට ඔවුන් හට අපහසු වී තිබිණි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ The Wall Street Journal වෙබ් අඩවිය භාවිතා කළ හැක.