Apple සමාගම මේ මාසයේ පැවැත්වීමට නියමිත WWDC 2020 හිදී Intel processors වලින් තමන්ගේම ARM-based chips වෙත මාරු වීමට සූදානම් වන බව නිළ වශයෙන් නිවේදනය කරනු ඇතැයි මේ වන විට Bloomberg වෙබ් අඩවිය වාර්තා කරනු ලබනවා.

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් Apple සමාගමේ developer conference එක ජුනි මස 22 වැනි දින online event එකක් ලෙස පමණක් පැවැත්වීමට නියමිත වන අතර ඒ පිළිබඳව අප ඔබව මින් පෙර ලිපියකින් දැනුවත් කලා මතක ඇති.

ජුනි මස 22 වැනි දින WWDC 2020 online event එක ආරම්භ කිරීමට Apple සමාගම දින නියම කරයි
සාමන්‍ය‍යෙන් ඇපල් WWD සමුළුව (Apple Worldwide Developers Conference එක)ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ, San Jose හි McEnery සම්මේලන මධ්‍යස්ථානයේ දීපවත්වන නමුත් පසුගිය දින වල එම ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයන් හඳුනා ගැනීම බහුල බැවින්සම්මේලනය Online ලෙස පැවැත්වීමට තීරණය කර ඇති බව අපි මීට පෙර ඔබව දැනුවත්…

කොහොම නමුත් මේ වනවිට පවතින සෞඛ්‍ය අර්බුධය හේතුවෙන් මෙම event එකේ වේලාව වෙනස් විය හැකි බව Bloomberg වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

Apple සිය Mac පරිගණක සඳහා ARM මත පදනම් වූ තමන්ගේම ප්‍රොසෙසරයක් භාවිතා කිරීමට සූදානම් වන බවට පැතිර යන කටකතා වසර ගණනාවක් තිස්සේ පැවතුනද Bloomberg හි නවතම වාර්තාවන් කියා සිටියේ මෙම සිදුවීම ලගඳීම සිදුවන බවත්, ARM මත පදනම් වූ ප්‍රොසෙසරයකින් බල ගැන්වෙන පළමු Mac එක 2021 වර්ෂයේදී පමණ පැමිණෙනු ඇති බවත්ය.

අවසන් වරට Apple සමාගම මෙවැනි ප්‍රධාන processors මාරුවක් ප්‍රකාශයට පත් කළේ 2005 දී පැවති සංවර්ධක සමුළුවේදී වන අතර එහිදී Steve Jobs විසින් තම සමාගම PowerPC වල සිට Intel වෙත මාරු වන බව ප්‍රකාශ කළේය. අනතුරුව Intel විසින් බල ගැන්වූ පළමු Apple පරිගණක ඉන්පසු වසරේදී දියත් කරන ලදී.

Apple සමාගමේ “Kalamata” ව්‍යාපෘතියේ කොටසක් ලෙස මීළඟ iPhone එක බළගැන්වීමට නියමිත A14 chip එක මත පදනම්ව අවම වශයෙන් ARM-based Mac processors තුනක්වත් සංවර්ධනය වෙමින් පවතින බවට මොවුන් වැඩිදුරටත් වාර්ථා කරනු ලබනවා.

කොහොම නමුත් ARM-based දෘඩාංග සත්‍ය වශයෙන්ම මුදා හැරීමට මාස ගණනක් ගතවුවද, නව architecture එක සඳහා ඔවුන්ගේ මෘදුකාංග optimize කිරීමට developers ලා හට කාලය ලබා දීම වෙනුවෙන් ඇපල් සමාගම සිය සැලසුම් ප්‍රසිද්ධ කළ යුතු වෙනවා.

මෙම මාරුවීමට හේතු වී ඇත්තේ Intel හි ඇති මන්දගාමී ක්‍රියාකාරිත්වය බවත්, Apple සමාගම විසින් ARM-based chips අන්තර්ගත කළ Mac පරිගණක භාවිතා කරමින් සිදු කරන ලද අභ්‍යන්තර පරීක්ෂණ මඟින් ඔවුන්ගේ Intel processors මගින් බලගැන්වෙන විකල්පයන්ට වඩා විශාල performance එකක් පෙන්නුම් කර ඇති බවත් Bloomberg වෙබ් අඩවිය වාර්ථා කරනු ලබනවා.

ARM-based processors වල power consumption එක, එහෙමත් නැතිනම් බලශක්ති කාර්යක්ෂමතාව වැඩිවීම නිසා බැටරිය සඳහා වැඩි ඉඩක් වෙන් කිරීමට අවශ්‍යය නොවනු ඇති අතර සිහින් සහ සැහැල්ලු MacBooks ඉදිරියේදී දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත.

කෙසේ වෙතත් ඒවා තවමත් desktop සඳහා නිර්මාණය කළ macOS එක මේවායේ ධාවනය වනු ඇති බවත්, සමස්ථ Mac lineup එකම අවසානයේ ARM වලට මාරුවීම වන බවත් Bloomberg වෙබ් අඩවිය වාර්තා කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Bloomberg වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Mac Rumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.