ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok ඇතුළු තවත් apps ගණනාවක් අවහිර කර දැමීමට ඉන්දියානු රජය පියවර ගත් බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok, Share It, UC Browser ඇතුලු apps 59 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කටයුතු කරයි
ඉන්දියාව සහ චීනය අතර පසුගිය දින වල දේශ සීමා නිසාවෙන් ඇතිවී තිබුණු උණුසුම්තත්ත්වය පිළිබඳව ඔබ මේ වන විටත් දැනුවත් ඇති. ඔන්න දැන් ඉන්දියාව විසින් ඔවුන්ගේ රටේ ආරක්ෂ‍ාව වෙනුවෙන් චීනය විසින් නිෂ්පාදනය කළapps 59ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කර ඇති අතර එරට තුළ මෙන්ම ලොව පුරාඉතාමත් ජනප්‍රිය TikTok,…

ඔන්න දැන්, මේ TikTok වලින් හිස් වූ අඩුව පිරවීම සඳහා Facebook සමාගම විසින් ඔවුන්ගේ Instagram වලට හඳුන්වාදී තිබුණු Reels විශේෂාංගය ඉන්දියාව තුළ පරීක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බව Business Insider වෙබ් අඩවිය විසින් වාර්තා කරනු ලබනවා.

මේ පහසුකම iOS සහ Android යන platform ද්විත්වයටම අත්හදාබැලීමේ සංස්කරණයක් ලෙස පසුගිය වසරේ බ්‍රසීල පරිශීලකයින් හට පළමු වරට නිකුත් කිරීමෙන් පසුව මෙම වසර වන විට ජර්මනිය සහ ප්‍රංශයට ද මෙය ව්‍යාප්ත කිරීමට Facebook සමාගම කටයුතු කර තිබුණා.

Instagram Reels යනු video editing tool එකක් වන අතර එමගින් TikTok වල මෙන්ම තත්පර 15ක කාලයකට සීමාවූ videos නිර්මාණය කිරීමටත්, එම videos ඔවුන්ගේ Instagram Stories ලෙස share කර ගැනීමට, DM හරහා send කිරීමට හෝ Top Reels නමින් ඇති Explore tab එකෙහි post කිරීමටත් හැකියාව ලබා දී තිබෙනවා.

Facebook සමාගමෙහි ප්‍රකාශකයෙකු විසින් Business Insider වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර ඇත්තේ Reels පහසුකමෙහි update එකක් තවත් රටවල් වල අත්හදා බැලීමට ඔවුන් සැලසුම් කරමින් සිටින බවයි.

Reels යනු මිනිසුන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට හා විනෝද වීමට නිර්මාණාත්මක ක්‍රමයක් වන අතර මෙම අලුත් option එක තමන්ගේ global community එක වෙත ගෙන ඒමට ලැබීම පිළිබඳව තමන් සතුටුවන නමුත් මෙම විශේෂාංගය වෙනත් රටවල් සඳහා හදුන්වාඳීමට නියමිත දිනයක් හෝ අපේක්ෂා කරන රටවල් පිළිබඳව තවමත් නිශ්චිත සැළසුමක් නොමැති බව ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Facebook සමාගම විසින් මෑතකදී Tiktok වලට සමාන video app එකක් වන Lasso app එක නවත්වන බවට නිවේදනය කිරීමට හේතුවද මේ Reels විශේෂාංගය බව ඇතැම් පුද්ගලයන් අනුමාන කරයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Business Insider වෙබ් අඩවිය සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක