පසුගිය දින වල Facebook, Instagram, Snapchat සහ YouTube වලට වඩා වැඩි downloads ප්‍රමාණයක් TikTok App එක වෙත ලැබී තිබුණු බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් Facebook සමාගම විසින් මේ TikTok app එකට අභියෝග කිරීම සඳහා ඊට සමාන app එකක් Android සහ iOS කියන platform දෙකටම ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මේ අලුත් app එක Lasso යන නමින් හැඳින්වෙන අතර ඔයාගේ Facebook ගිණුම හෝ Instagram ගිණුම හරහා මෙයට login වීමට හැකියාව ලැබෙනවා. මෙසේ මෙම සේවාවට පිවිසීමෙන් අනතුරුව, TikTok හි දැකගතහැකි ආකාරයේ කුඩා video විශාල ප්‍රමාණයක් ඔබට දැකගත හැකි වන අතර ඔබ විසින් නිර්මාණය කරනු ලබන videos Facebook හි stories ආකාරයෙන් share කිරීමට ද ඔවුන් අවස්ථාව ලබා දෙනවා.

මීට අමතරව Instagram stories හරහා මේවා share කිරීමට ද අවස්ථාව ලබා දීමට කටයුතු සූදානම් කරමින් පවතින බව Facebook සමාගම නිවේදනය කරනවා.

කොහොම නමුත් මෙහිදී ඔබගේ profile එක private ලෙස සකස් කිරීමට ඔබට අවස්ථාවක් හිමි නොවන බව දැනගන්නට ලැබෙනවා.

මේ අලුත් සේවාව පිළිබඳව Facebook සමාගම විසින් කිසිඳු නිළ නිවේදනය කිරීමක් සිදු කර නොමැති අතර හොර රහසේම එය මහජනයාට download කරගැනීමට හැකියාව ලබා දී තිබෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක. Lasso app එක Android සඳහා Google Play හරහා ද iOS සඳහා AppStore හරහා ද download කරගතහැකි වෙනවා.