Oppo සමාගම එළිදැක්වීමට සූදානම් වන 80W fast charging පහසුකම සහිත Oppo Super Vooc 3.0 තාක්ෂණය පිළිබඳව හා ඒ අනුව නූතන ජංගම දුරකථනවල බැටරි ආරෝපණ තාක්ෂණය දිනෙන් දින වැඩි දියුණු වන ආකාරය පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

80W Fast Charging පහසුකම සමඟ SuperVOOC 3.0 තාක්ෂණය හඳුන්වාදීමට Oppo සමාගම සූදානම් වෙයි
ජංගම දුරකථන වල තිරය, කැමරාව හා අනෙක් පහසුකම් වැඩිදියුණු වන විට එහි බර දැරීමටබොහෝ විට සිදුවන්නේ දුරකථනයේ බැටරියටයි. මේ නිසා ජංගම දුරකථන වලට mAh අගයෙන් වැඩි බැටරි හඳුන්වාදීමට නිශ්පාදකයින් කටයුතුකරන නමුත් ඒවා ඉක්මනින් charge කරගැනීමට ද නව තාක්ෂණයන් සොයා යෑමට නිශ්පාදකයින්ටසිදුව තිබෙනවා. Oppo සමාගම …

ඔන්න දැන්, Xiaomi සමාගම විසින් 100W තරම් අධිවේගයකින් බැටරි ආරෝපණය කරගත හැකි තාක්ෂණයක් සහිත ජංගම දුරකථනයක් මෙම වසර අවසානයේ දී නිකුත් කිරීමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්ථා වෙනවා.

ජනප්‍රිය චීන තාක්ෂණික තොරතුරු leaker forum එකක් වන Digital Chat Station විසින් මෙම තොරතුරු වාර්තා කර ඇති අතර දැනට වෙළඳපොලේදී මිලදී ගැනීමට ඇති වේගවත්ම ආරෝපණ තාක්ෂණය වන්නේ 65W Oppo SuperVOOC 2.0 තාක්ෂණයයි.

2019 මාර්තු මාසයේදී Xiaomi සමාගම මෙම තාක්ෂණය මුලින්ම හෙළිකල අතර ඒ අනුව Xiaomi විසින් හඳුන්වාදීමට සූදානම් වන මෙම 100W Charging තාක්ෂණය ඔස්සේ 4000mAh බැටරියක් මිනිත්තු 17 තුල 100%ක් ආරෝපණය කර ගැනීමට හැකියාව ලැබෙන බව වාර්ථා වෙනවා.

මෙම තාක්ෂණය සහිතව නිකුත් වන ජංගම දුරකථනය පිළිබඳව තොරතුරු වාර්තා නොවන නමුත් එය බොහෝවිට Mi 10 Pro plus හෝ Mi Mix 4 ජංගම දුරකථනය විය හැකි බව අනුමාන කෙරෙනවා.

එමෙන්ම නවතම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ Xiaomi සමාගම විසින්ම 120W fast charging තාක්ෂණයට සහාය දක්වන power adaptor එකක්ද නිපදවීමට සූදානමින් සිටින බව වන අතර අන්තර්ජාලයට නිකුත් වූ වීඩියෝවක මේ සම්බන්ධ තොරතුරු සඳහන් වී ඇති නමුත් Xiaomi සමගම තවමත් මෙය නිළ වශයෙන් තහවුරු කිරීමට කටයුතු කර නැහැ.

Xiaomi සමාගම පමණක් නොව තවත් චීන තාක්ෂණික දැවැන්තයින් කිහිප දෙනෙකුම fast charging තාක්ෂණය පිළිබඳව අත්හදාබැලීම් සිදු කරමින් සිටින අතර Lenovo සමාගම 90W fast charging පහසුකම සහිතව gaming phone එකක් නිකුත් කරන්නට මේ වන විට සූදානමින් සිටිනවා.

මිනිත්තු 13ක් ඇතුලත 4,000mAh Battery එකක් Charge කළ හැකි තාක්ෂණයක් Vivo වෙතින් හඳුන්වා දෙයි
චීනයේ දැවැන්ත ජංගම දුරකථන නිෂ්පාදකයෙකු වන Vivo සමාගම[https://en.wikipedia.org/wiki/Vivo_(technology_company)] විසින් ඔවුන්ගේ SuperFlashCharge 120W තාක්ෂණය අද දින එළිදැක්වීමට කටයුතු කර තිබෙන අතර එය මේ වන විට ලොවඇති වේගවත්ම fast charging තාක්ෂණය ලෙස පිළිගැනෙනු ලැබෙනවා. මේ අනුව 4,000mAh capacity එක…

එමෙන්ම Vivo සමාගම විසින්ද 120W Vivo Super Flash Charging තාක්ෂණය නුදුරේදීම එළිදක්වන්නට සූදානමින් සිටින බව වාර්තා වන අතර මෙම තාක්ෂණය ඔස්සේ 4000mAh බැටරියක් මිනිත්තු 13 ක් තරම් අඩු කාලයක් තුළ 100% ක් charge කරගැනීමට හැකියාව ලැබෙන බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.