Huawei සමාගම විසින් develop කරමින් සිටින Huawei Petal Search පහසුකම පිළිබඳව මීට පෙර ලිපි කිහිපයකින්ම අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Petal Search විශේෂාංගය සම්පූර්ණ Search Engine එකක් දක්වා වැඩිදියුණු කිරීමට Huawei සමාගම කටයුතු කරයි
ඇමරිකානු සම්බාධක හමුවේ Huawei සමාගමට Google Mobile service අහිමි වීමෙන් පසුGoogle Play Store එකද අහිමි වූ අතර ඊට විකල්පයක් ලෙස Huawei App Gallery, Huaweiඋපාංග වලට හඳුන්වාදීමට Huawei සමාගම පියවර ගත් බව ඔබ දැනටමත් දන්නා කාරණයක් වෙනවා. Huawei App Gallery සතුව තවමත් ඇතැම් Mobile apps නොමැති අතර ඊට පි…

මේ වනවිට Huawei සමාගම විසින් මෙම Petal Search සඳහා නව පහසුකම් කිහිපයක්ම එකතු කර තිබෙන අතර ඒ අනුව ඔබට දැන් Google Lens හරහා සිදුකරනවා හා සමානවම visual search එකක් සිදුකිරීමට ද Petal Search ඔස්සේ අවස්ථාව ලැබෙනවා.

Google Lens යනු කුමක්ද යන්න පිළිබදව ඔබට අදහසක් නොමැතිනම් පසුගිය දිනෙක අප විසින් පළ කළ පහත ලිපිය කියවීමෙන් ඔබට Google Lens පිළිබඳව හොඳ අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

ඔබ දකින දේ ගැන Search කරන්නට හැකියාව ලබාදෙන Google Lens app එක ගැන හරියටම දැනගනිමු
Google Lens කියලා කියන්නේ කෙටියෙන්ම කියනවා නම්, Google සමාගම සතු ImageRecognition Technology එකක්. ඔබට අන්තර්ජාලයෙන් යමක් හොයන්න නම් අනිවාර්යෙන්ම ඔබ හොයන්නේ මොකක්ද කියලා දැනගෙනඉන්න ඕනේ වගේම ඒක Google වල type කරන්න හැකියාව තියෙන්නත් ඕනේ. නමුත් අපි එදිනෙදා දකින බොහෝ දේ Google එකේ type කරල හොයන එක …

Huawei සමාගම පෙන්වා දෙන පරිදි දැනට මෙම Visual Search පහසුකම ඔස්සේ ඔබට මිනිසුන්, සතුන්, Landmark හා ආහාර ආදී දේ Search කිරිමේ හැකියාව තිබෙන අතර නුදුරේදීම ඒ සඳහා ශාක හඳුනාගැනීමේ හැකියාව ද ලබා දෙන බව සඳහන් කර තිබෙනවා.

Petal Maps

මේ අතර Huawei ජංගම දුරකථන සඳහා බරපතළ අඩුපාඩුවක්ව පැවති Navigation සේවා සඳහාද නව සේවාවක් හඳුන්වාදීමට Huawei සමාගම කටයුතු කර තිබෙන අතර එය නම් කර තිබෙන්නේ Petal Maps යනුවෙනුයි.

Petal Maps සේවාවේ beta version එක නුදුරු දිනකදීම Huawei App gallery එක වෙත පැමිණීමට නියමිත අතර එය රටවල් 140ක් වෙත සහය දක්වනවා සේම English, French, Spanish, German, Italian සහ Chinese යන භාෂා සඳහා ද සහාය දක්වනු ලබනවා.

HUAWEI Petal Maps - HUAWEI Global
Explore and navigate the world with HUAWEI Petal Maps. You can find locations, get driving directions, and public transportation navigations with just a few taps — download Petal Maps for free from HUAWEI AppGallery.

මෙම Petal Maps සේවාව විසින් ඔබට 2D හා 3D view සඳහා , Zoom in සහ out මෙන්ම Air gestures හරහා Navigation view හා Map overview යන options අතර මාරු වීමටද හැකියාව ලබා දෙනවා.

Huawei ආයතනය විසින් සඳහන් කරන ආකාරයට ඔබ විසින් Petal Maps හරහා සිදුකරන සියලුම Location search සහ Navigation Data සඳහා end-to-end encrypted ලෙස හුවමාරු කිරීමේ පහසුකම ලබාදී තිබෙන අතර මේ නිසා ඔබේ දත්ත කිසිදු ආකාරයකින් වෙනත් පාර්ශවයකට ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඔබ පයින් ගමන් කරන්නේ නම්, Turn by Turn පහසුකම හරහා ඒ සඳහා පහසුම මාර්ගය කුමක්ද යන්න මෙන්ම පොදු ප්‍රවාහන තොරතුරු ලබාදීම සඳහාද මෙලෙස අලුතෙන්ම හඳුන්වා දුන් Petal Maps සේවාව සහාය දක්වනවා.

Huawei Docs

Document සේවාව නොමැති වීමද මේ වන තෙක්ම Huawei ජංගම දුරකථන වලට පැවති අඩුපාඩුවක් තිබූ අතර Huawei සමාගම විසින් මේ වන විට ඒ සඳහා ද විසඳුමක් ඉදිරිපත් කිරීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව හඳුන්වා දෙන නවතම පහසුකම වන Huawei Docs ඔස්සේ ඔබට Word documents හා spreadsheet open කිරිමට ඉඩ ලබා දෙන අතර ඒ සඳහා PDF View කිරීමේ හැකියාවද ලබාදී තිබෙනවා.

මෙම Huawei Docs සේවාව DOC, PPT, PDF ආදී ලෙස 50 කට අධික document format සඳහා සහාය දක්වන බව වාර්තා වන අතර ඒ සඳහා real-time cloud sync හා multi-user support කිරීමේ හැකියාව දැන් ලබාදී තිබෙනවා.

මෙලෙස අලුතෙන්ම හඳුන්වාදෙන ලද Huawei Docs පහසුකම රටවල් 100කට අධික ප්‍රමාණයක් සඳහා මේ වන විටත් Huawei App gallery හරහා ලබාදී තිබෙන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඉතින් අප විසින් කලින් ඔබට සඳහන් කළ ආකාරයටම Huawei සමාගම විසින් තමන්ට අහිමි වූ Google Mobile Services වෙනුවට තමන්ගේම විකල්ප නිර්මාණය කරමින් සිටින අතර මෙලෙස අලුතෙන්ම හඳුන්වා දුන් Petal Search වලට එකතු වූ visual search, Petal Maps හා Huawei Docs ආදී සේවාවන් සදහා ඉදිරියේදී තවත් නව පහසුකම් සමග තවදුරටත් වර්ධනය වීම අනිවාර්යෙන්ම සිදු වනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.