Google Lens කියලා කියන්නේ කෙටියෙන්ම කියනවා නම්, Google සමාගම සතු Image Recognition Technology එකක්.

ඔබට අන්තර්ජාලයෙන් යමක් හොයන්න නම් අනිවාර්යෙන්ම ඔබ හොයන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ වගේම ඒක Google වල type කරන්න හැකියාව තියෙන්නත් ඕනේ.

නමුත් අපි එදිනෙදා දකින බොහෝ දේ Google එකේ type කරල හොයන එක කරදරයක් වගේම කම්මැලි වැඩක්.

මේ ගැටළුවට විසඳුමක් විදිහට හඳුන්වාදීපු Google Lens app එක දැන් නිකන්ම යමක් සොයා දෙනවා වෙනුවට ඊට එහා ගිය බොහෝ හැකියාවන්ගෙන් යුක්ත සේවාවක් බවට පත් වෙලා තියෙනවා.

"Search What You See, ඒ කියන්නෙ, ඔබ දකින දේ සොයන්න කියන ඉතාම සරල concept එක මත ගොඩනැගිල තියෙන මේ තාක්ෂණය " Google Lens" Mobile App එකෙන් වගේම තවත් ක්‍රම කිහිපයක් හරහා ම භාවිතා කරන්න පුළුවන්.

Google Lens - Apps on Google Play
Google Lens lets you search what you see, get things done faster, and understand the world around you—using just your camera or a photo. SCAN & TRANSLATE TEXTTranslate words you see, save a business card to your contacts, add events to your calendar from a poster, and copy and paste complicated co…

සරලවම මේකෙදි වෙන්නෙ ඔබ දකින ඕනෙම දෙයක් Google Lens හරහා Scan කරල ඒ දකින දේ ගැන අන්තර්ජාලයෙන් තොරතුරු ලබා දීමයි.

මෙතනදි ඕනෙම දෙයක් කියල කියන්නෙ, ඔබ දකින නමුත් ඔබ නොදන්න යම් product එකක්, ගහකොල, මල් වර්ග වගේ යම් කිසි ස්වභාවික දේවල්, QR Code වගේ දේවල්, ඔබ මගතොටේදී දකින poster වගේ ඒවයෙ තියෙන දේවල් වගේ දේ තමයි.

2017දි Google I/O event එකේදි මුලින්ම හඳුන්වාදීපු මේ සේවාව individual app එක විදිහට Google Play Store එකෙන් download කරගන්න පුලුවන් වුණත්, iOS භාවිතා කරන අයට මේක Google Photos හරි, එහෙමත් නැත්තම් Google app එක හරහා හරි තමයි භාවිතා කරන්න පුලුවන් වෙන්නේ.

‎Google
The Google app keeps you in the know about things that matter to you. Find quick answers, explore your interests, and stay up to date with Discover. The more you use the Google app, the better it gets. Search and browse:• Nearby shops and restaurants• Live sports scores and schedules• Movies tim…

ඒ වගේම ඔබ Google Photos app එක පාවිච්චි කරන කෙනෙක් නම්, ඔබ යම්කිසි Photo එකක් preview කළාට පස්සෙ, ඔබේ දුරකථන තිරයේ යටින් Google Lens සඳහා shortcutඑකක් බලාගන්නත් හැකිවේවි.

දැන් අපි බලමු Google Lens වල තියෙන ප්‍රයෝජන මොනවද, භාවිතා කරන්නෙ කොහොමද වගේ දේවල්.

Scan සහ Translate text

හිතන්න ඔබ යම්කිසි image එකක තියෙන වාක්‍යක තේරුම දන්නෙ නැහැ කියලා. කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි. Google Lens open කරල අදාල image එක scan කරන්න.

ඔබට පුලුවන් ඒ Image එකේ තියෙන වාක්‍ය select කරගන්න, translate කරගන්න. ඒ වගේම ඕනි නම් අදාල වචන text එකක් විදිහට copy කරගෙන ඕනෙම document එකකට text එකක් විදිහටම paste කරගන්න.

මේ විදිහට poster වල තියෙන contact numbers, email address වගේ ඒවත් ලේසියෙන්ම copyකරගන්න ඔබට හැකියාව තියෙනවා වගේම email address එකක් වගේ select කලොත් ඔබට, Gmail වලට shortcut එකක් පවා ලබාදෙන්න Lens app එකට හැකියාව තියෙනවා.

ඔබ කැමති දෙයක් සොයාගන්න

හිතන්න ඔබ හදිසියෙම දකින ඔබේ විසිත්ත කාමරයට ගැලපෙන පුටුවක්, එහෙම නැතිනම් ඔබට වඩාත්ම ගැළපෙන ඇඳුමක් වගේ දෙයක් විස්තර ඔබට හොයන්න ඕනි කියල. දැන් ඔබට ඔබේ ඒ අවශ්‍යතාවය Google එකේ type කරන්න අවශය නැහැ.

Google Lens එකෙන් ඔබ දකින ඔබ කැමති Product එකක් Scan කරල ඒ ගැන විස්තර දැනගන්න පුලුවන් වගෙම ඒව මිලදී ගන්න පුලුවන් ස්ථාන වල විස්තර ලබා ගන්නත් හැකියාව තියෙනවා.

ශාක,සතුන්, මල් වර්ග ඇතුළු ස්වභාවික දේවල් ගැන දැනගන්න

ඔබට පුලුවන් ඔබ එළිමහනෙදි දකින සතුන්ව, ගස් වර්ග, මල් වර්ග වගේම ඔබ දකින යම්කිසි ප්‍රසිද්ධ ස්මාරකවගේ දේවල් පවා Google Lens එකෙන් Scan කරලා ඒව ගැන තොරතුරු දැනගන්න.

උදාහරණයක් විදිහට ඔබ ගසක් Scan කලොත් ඒ ගසේ උද්භිද විද්‍යාත්මක නාමයේ ඉඳලා හැමදේම දැනගන්න පුලුවන් වගේම Wikipidia වගේ knowledge forum එකකට shortcut එකක් හරහා පිවිස ඒ ගැන සම්පුර්ණ තොරතුරු ලබාගන්නත් Lens හරහා හැකියාව තියෙනවා.

අධ්‍යාපන කටයුතු වලට උදව් කාරයෙක් විදිහට

හිතන්න ඔබේ ගණිත පොතේ තියෙන අමාරු ගණිත ගැටලුවක් ගැන.

ඔබට එය විසඳන විදිහ පියවරෙන් පියවර දැනගන්න, ඒ ගණිත ගැටලුව විසඳන විදිහ සම්බන්ධයෙන් තියෙන Videos වලට පහසුවෙන් පිවිසෙන්න වගේ දේවලුත් Google Lens මඟින් කරන්න පුලුවන්.

කරන්න තියෙන්නෙ සුපුරුදු විදිහටම ඔබේ ගණිත ගැටළුව Google Lens හරහා Scan කරන එක විතරයි.

ඔබේ දුරකථන කැමරාවෙන් ගත් ජායාරූප වල තිබෙන දේ ගැන දැනගන්න

ඔබ සංචාරයක් ගියොත් ඔබ කොපමණ ඡායාරූප ප්‍රමාණයක් ඔබේ දුරකථනයෙන් ගන්නවද. ඒ ඡායාරූප වල බොහෝ වැදගත් ඒ තිබෙන්නට පුළුවන්.

උදාහරණයක් විදිහට ඔබ සීගිරියෙ ඡායාරූපයක් ලබාගෙන තිබෙනවා නම් හා ඔබ එය Google Photos වලින් open කර තිබෙනවනම්, ඔබට කලින් සඳහන් කලා වගේ Google Lens වලට ලබා දී ඇති shortcut එක click කලාම ඔබට, ඔබේ ජායාරූපයේ තිබෙන object එක සීගිරිය ලෙස හඳුනාගන්නට වගේම සීගිරිය පිළිබඳව තවත් තොරතුරු දැනගන්න ඔබව සෘජුවම අදාළ මූලාශ්‍ර වලට යොමුකරන්නටද Google Lens එකට හැකියාව තිබෙනවා.

Popular Landmark ගැන දැනගන්න වගේම Menu එකේ තියෙන කෑම වර්ග Scan කරල බලන්න

ලෝකයේ තියෙන විවිධාකාර Landmark ගැන ඔබ අසා ඇති. ප්‍රංශයේ අයිෆල් කුළුණ, ඉන්දියාවේ ටජ් මහල,ධවල මන්දිරය වගේ ජනප්‍රිය Landmark ලෝකයේ පුරාවට ම තිබෙනවා.

මේ ඓතිහාසික ස්ථාන ගැන වැඩිපුර තොරතුරු දැනගන්න ඔබ කරන්න අවශ්‍ය ඔබ ඉදිරියෙන් තිබෙන landmark එක Lens හරහා scan කරන එක පමණයි.

ඒ වගේම ඔබ කෑම Order කරද්දි ඔබ දන්නෙ ඔබට ලැබෙන Menu එකේ තියෙන කෑම වර්ග වල නම් ටික පමණයි. නමුත් ඒ කෑම වර්ග කෑම පිඟානෙ තියෙද්දි මොන වගේද කියල අදහසක් ඔබට Menu එක දිහා බලල ගන්න බැහැ.

Google Lens මේකට හොඳම විසඳුමක් වෙන අතර ඔබට පුලුවන් ඔබට ලැබෙන කෑම Menu Card එකේ තියෙන කෑම වර්ග වල නම් Scan කරල ඒව මොනවගේද කියල ජායාරූපවලින් බලලම කෑම Order කරන්න.

Google Lens මේ දේවල් කරන්නෙ කොහොමද?

මේකෙදි වෙන්නෙ ඔයා select කරන picture එකට වැඩියෙන්ම ගැලපෙන වෙනත් images සහ ඒවායේ තියෙන තොරතුරු එකතු කරගෙන, Google search index එක වගේම index එකක් හදාගන්න Google Lens එකෙන් කටයුතු කරනවා.

මේ indexing කරන වැඩේ ලේසි කරගන්න Google Lens එකේ තියෙන neural network, එහෙමත් නැතිනම් AI වැඩසටහන් වලට ඡායාරූප වල තියෙන object හඳුනගන්න පුරුදු කරල‍ා තියෙනවා. මේ විදිහට විවිධ object අඳුරගෙන, ඒවට අදාල වෙනත් සංඥා, වචන, වෙනත් භාශා වලින් තියෙන තොරතුරු වගේ දේවල් අන්තර්ජාලය පුරාම තියෙන images වලින් ලබාගන්න කටයුතු කරනවා. මේ විදිහට එකතු කරගන්න තොරතුරු අදාල image එකේ තියෙන Object එකට ගැලපෙන ප්‍රමාණය අනුව rank එකක් දීලා store කරගන්න මේ bot වලට හැකියාව තියෙනවා.

ඊට පස්සේ ඒ විදිහට එකතු කරගත්ත තොරතුරු වලින් හොඳම rank එක තියෙන result set එක ඔයාට ලබාදෙන්න කටයුතු කරනවා.

උදාහරණයක් විදිහට කවුරුහරි කෙනෙක් බල්ලෙක්ගේ photo එකක් Google Lens වලට යොමු කලොත්, ඒකේ ඉන්නේ බල්ලෙක් කියන එක අඳුරගන්න මේ neural network එකට හැකියාව තියෙනවා වගේම, මේ බල්ලගේ රූපේ වැඩියෙන්ම ගැලපෙන්නේ, අර කලින් කියපු විදිහට store කරගත්ත බල්ලන්ගේ රූප වලින් මොන විදිහේ තොරතුරු ඇතුලත් බල්ලෙකුටද කියන එක search කරලා බලනවා.

හිතන්න අපි upload කරපු photo එකේ ඉන්න බල්ලාගේ පෙනුමට 95%ක් විතර ළඟින්ම යන පෙනුමක් තියෙන්නේ German shepherd කියන වර්ගයට අදාල බල්ලොන්ට නම්, අනිත් results හැම එකක්ම අයින් කරලා අපිට German shepherd කියන බල්ලට අදාල තොරතුරු ලබාදෙන්න Google Lens එකෙන් කටයුතු කරනවා.

ඒ කොහොම වුණත් මේ විදිහට එකතු කරන තොරතුරු Google SafeSearch කියන guideline එකට අනුකූල නම් විතරයි පරිශීලකයන් හට ලබාදෙන්න කටයුතු කරන්නේ.


ඉතිං මේ විස්තර කියෙව්වම ඔබට Google Lens app එක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන යම්කිසි අදහසක් ගන්නට හැකි වෙන්නට ඇති කියල අපි හිතනවා.

ඉහත දක්වලා තියෙන සෑම දෙයක්ම Lens app එකට තිබෙන හැකියාවන් වලට උදාහරණ පමණයි. එතනින් එහාට ගිහින් ඔබ දකින ඕනම දෙයක් Scan කරල ඒ ගැන තොරතුරු ලබාගන්න වගේම ඒ ආශ්‍රිත වෙනත් සේවාවන් ලබා ගන්නත් Google Lens හරහා ඔබට හැකියාව තියෙනවා.