මෙම වසරේ මුල් භාගයේ ජංගම දුරකථන නිෂ්පාදකයන් විසින් foldable smartphone එළිදැක්වීම සඳහා වූ තරඟය ලොව ප්‍රථම නම්‍යශීලී ජංගම දුරකථනය වූ Royole FlexPai, Galaxy Fold සහ Huawei Mate X එළිදැක්වීම හරහා පිළිබිඹු වූ නමුත් මේ ‍වන එම trend එක තරමක් දුරට මඟහැරී ගිය බවක් දැකිය හැකි වෙනවා.

විශේෂයෙන්ම Samsung සමාගමේ Galaxy Fold ජංගම දුරකථනය සම්බන්ධව අන්තර්ජාලය තුල විවිධ කටකතා පැතිර ගිය අතර එය අසාර්ථක බව ඇතැමුන් පවසනවා.

කොහොම නමුත් Huawei සමාගමේ පළමු නම්‍යශීලි දුරකථනය වන Huawei Mate X ප්‍රවර්ධනය කරන පෝස්ටරයක් මේ වන විට චීනයේ වෙළඳසලක ප්‍රදර්ශනය කර තිබෙන අතර එය 5G සම්බන්ධතාවයද සහිත වන බව දැකගත හැකි වෙනවා.

මෙම පෝස්ටරය මගින් දුරකථනය වෙළඳපොලට නිකුත් කරන නිශ්චිත දිනයක් සඳහන් නොකරන නමුත් එය ඉක්මනින් සිදු වනු ඇති බව ඉඟි පළ කරන අතර Huawei හි නිෂ්පාදන අංශයේ සභාපතිවරයා සම්මුඛ සාකච්චාවකදී කියා සිටියේ Huawei Mate X චීනය තුලදී මෙම ජූලි මස අග සිට හෝ අගෝස්තු මුල සිට මෙය ලබා ගත හැකි වන බවයි.

මූලිකව මෙය චීනයට පමණක් සීමා කර නිකුත් කරනු ඇති අතර ගෝලීය වශයෙන් නිකුත් කිරීම සැප්තැම්බර් හෝ ඊටත් කල්ගත වනු ඇති බව අනුමාන කල හැකි වුවත් විශේෂයෙන්ම Huawei වෙත බලපා ඇති වෙළඳ තහනම Huawei ජංගම දුරකථන නිකුත් කිරීමේ කාලසටහන් වෙනස් කර ඇති බව දැකිය හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSMArena වෙබ් අඩවිය හා Gizchina වෙබ් අඩවිය භාවිතා කළ හැක.