Toshiba යන වෙළඳ නාමය මීට වසර ගණනාවකට පෙර Laptop පරිගණක සඳහා ඉතාමත් ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව තිබුණු බව ඔබට මතක ඇති.

වසර 35කට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය Laptop ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට Toshiba සමාගම කටයුතු කර ඇති බව මේ වන විට වාර්ථා වන අතර මේ පිළිබඳව ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා නිවේදනයක් ද නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Toshiba : News Release (4 Aug, 2020): Toshiba Transfers Shares in Dynabook to Sharp
Toshiba

මීට වසර දෙකකට පෙර Toshiba සමාගම විසින් ඔවුන්ගේ PC business එකේ කොටස් වලින් 80.1%ක ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොළර් මිලියන 36ක මුදලකට Sharp සමාගමට අලෙවි කිරීමට කටයුතු කරනු ලැබූ අතර, අනතුරුව Sharp සමාගම විසින් එම ආයතනය Dynabook ලෙස re-brand කිරීමට කටයුතු කරනු ලැබුවා.

ඉන් පසුව ඉතිරි ප්‍රතිශතය වූ 19.1%ක කොටස් ප්‍රමාණය මිලදීගැනීම කෙරෙහි ද උනන්දුවක් දැක්වූ Sharp සමාගමට පසුගිය අගෝස්තු 4 වැනි දින එම ඉතිරි කොටස් ප්‍රමාණය ද අලෙවි කිරීමට Toshiba සමාගම කටයුතු කළ බවත්, ඒ අනුව Dynabook ආයතනය සම්පූර්ණයෙන්ම Sharp සමාගමට අයත් subsidiary එකක් වන බව ඔවුන් සඳහන් කරනවා.

Toshiba ආයතනයේ පළමු Laptop පරිගණකය වූ T1100 laptop එක 1985 වර්ෂයේදී නිර්මාණය කිරීමට කටයුතු කරනු ලැබූ අතර එය 3.5-inch floppy disk drive එකක්, 256KB memory එකක් මෙන්ම rechargeable batteries වලින් ද සමන්විත වුණා.

එමෙන්ම 1990 සහ 2000 දශක වලදී Toshiba සමාගම PC නිෂ්පාදකයින් අතර කැපී පෙනෙන තරඟකරුවෙකු වූ නමුත් ක්‍රමයෙන් එම ජනප්‍රියත්වය පහව යන්නට වූ අතර මේ වන විට එම සමාගම සම්පූර්ණයෙන්ම Sharp සමාගම විසින් මිලදීගැනීමට කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Toshiba වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.