Counterpoint පර්යේෂණ වාර්තා පෙන්වා දෙන ආකාරයට, අගෝස්තු මාසයේදී චීනයේ smartphone අලෙවිය අතින් Xiaomi සමාගමට වඩා Honor සමාගම ඉදිරියෙන් සිටින අතර අගෝස්තු මාසය සඳහා වූ මාසික Honor smartphone අලෙවිය 18% කින් ඉහළයාමත් සමඟ චීනයේ තුන්වන විශාලතම smartphone වෙළඳ සන්නාමය බවට පත්වීමට Honor සමාගම සමත් වී තිබෙනවා.

China Smartphone Sales: Top 3 Brands’ Share in August 2021 and HONOR Rankings

ඉහත වාර්තා අනුව, චීනය තුළ smartphone අලෙවිය අතින් VIVO සමාගම පළමු ස්ථානයත්, OPPO සමාගම දෙවන ස්ථානයත්, Honor සමාගම තුන්වන ස්ථානයත් හිමිකරගෙන තිබෙනවා.

Counterpoint හි Research Director ලෙස කටයුතු කරන Tarun Pathak විසින් ප්‍රකාශ කරන ආකාරයට, Huawei සමාගමෙන් වෙන්වීමෙන් පසුව Honor සමාගමට සිය smartphone ව්‍යාපාරය සාර්ථකව ප්‍රතිනිර්මාණය කිරීමට හැකියාව ලැබී ඇති අතර එමඟින් Honor සමාගමට component සැපයුම්කරුවන් සමඟ තිබූ සබඳතා නැවත යථා තත්ත්වයට පත් කරගැනීමට හැකියාව ලැබීම මෙම වර්ධනයට සෘජුවම බලපා තිබෙනවා.

Huawei Honor smartphone ව්‍යාපාරය වෙනත් චීන සමාගමකට විකුණාදමන බව Huawei සමාගම නිළ වශයෙන් නිවේදනය කරයි
ඇමෙරිකානු වෙළඳ සම්බාධක හමුවේ Huawei සමාගම ඉතාමත් අසරණ භාවයට පත් කරමින් පසුගිය වසරක පමණ කාළසීමාව තුළ සිදුවූ සියළු සිදුවීම් පිළිබඳව වරින් වර අපි ඔබව

එමෙන්ම, Counterpoint Research හි Senior Analyst ලෙස කටයුතු කරන, Varun Mishra විසින් සඳහන් කරන ආකාරයට, පසුගිය වසර තුළදී චීන smartphone වෙළඳපොල තුළ කැපීපෙනෙන සංශෝධනයක් සිදුවී ඇති අතර OPPO, vivo සහ Xiaomi යන සමාගම් තම නිෂ්පාදන, චීනය තුළ ආක්‍රමණශීලී ලෙස පුළුල් කර තිබෙනවා.

iPhone 13 නිකුත් කිරීමත් සමඟ Apple සමාගමට Huawei හි premium segment එක ග්‍රහණය කර ගැනීමටද සැලකිය යුතු අවස්ථාවක් තිබෙන බැවින් ඉදිරියේදී චීන වෙළඳපොලේ තරඟකාරිත්වය තවත් තීව්‍ර වනු ඇතැයි මෙමගින් අපේක්ෂා කළ හැකිවෙනවා.

Honor වෙළඳ නාමය යටතේ අලුතින් නිකුත් වන ජංගම දුරකථන වලට Google Apps සහ Google Mobile Services ලබාදෙන බව සනාථ කරයි
Huawei සමාගමට ඇමෙරිකානු සම්බාධක පැනවීමෙන් අනතුරුව, Google Mobile Services භාවිතා කිරීමේ හැකියාව, Huawei සමාගමේ sub-brand එකක් වූ Honor ආයතනයට ද අහිමි වූ බව ඔබ දන්නවා ඇති. ඉන් පසුව

කෙසේ වෙතත්, Honor සමාගම සිය බෙදාහැරීමේ ජාලය නැවත ගොඩනඟා ගන්නා තෙක් Honor සමාගමේ global market එක පිළිබඳව පුරෝකථනය කිරීම අපහසු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Counterpoint Press Releases සහ GizmoChinaවෙබ් අඩවිය භාවිතා කළ හැක.