Huawei සමාගමට ඇමෙරිකානු සම්බාධක පැනවීමෙන් අනතුරුව, Google Mobile Services භාවිතා කිරීමේ හැකියාව, Huawei සමාගමේ sub-brand එකක් වූ Honor ආයතනයට ද අහිමි වූ බව ඔබ දන්නවා ඇති.

ඉන් පසුව මේ දක්වා නිකුත් වූ Honor 10X Max, Honor 9S, Honor 10X Lite වැනි ජංගම දුරකථන වෙළඳපොලට නිකුත් වූයේ Google apps සහ services නොමැතිව වන අතර ලොව පුරා Honor ජංගම දුරකථන පරිශීලකයින් හට මෙය කරදරකාරී තත්ත්වයක් වුණා.

මේ හේතුව නිසාවෙන් පසුගිය වසරේදී Huawei සමාගම විසින් Honor සමාගම Shenzhen Zhixin New Information Technology Co., Ltd නම් වූ අලුතින් පිහිටුවනු ලැබූ සමාගමක් වෙත විකුණාදැමීමට කටයුතු කරනු ලැබුවා.

Huawei Honor smartphone ව්‍යාපාරය වෙනත් චීන සමාගමකට විකුණාදමන බව Huawei සමාගම නිළ වශයෙන් නිවේදනය කරයි
ඇමෙරිකානු වෙළඳ සම්බාධක හමුවේ Huawei සමාගම ඉතාමත් අසරණ භාවයට පත් කරමින් පසුගියවසරක පමණ කාළසීමාව තුළ සිදුවූ සියළු සිදුවීම් පිළිබඳව වරින් වර අපි ඔබව දැනුවත් කළාමතක ඇති. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන්ගේ ජංගම දුරකථන සඳහා chips නිෂ්පාදනය කරනු ලැබූ HiSiliconආයතනය මෙන්ම අනෙකුත් අනුබද්ධිත ආයතන ද ඉමහත් අපහසුතා…

මෙම ‍ගණුදෙනුවෙන් පසුව Honor සමාගම තවදුරටත් Huawei සමාගමේ sub-brand එකක් නොවන බැවින්, වෙළඳ සම්බාධක වලින් බාධාවක් නොවී Android සහ Google Services තම ජංගම දුරකථන වලට අන්තර්ගත කිරීමට හැකියාව ලැබෙනවා.

මේ වන විට ජර්මානු Honor ආයතනයේ නිළ Twitter ගිණුම හරහා Tweet පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ සණාත කර ඇත්තේ එම සමාගම විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන ජංගම දුරකථන සඳහා Google Mobile Services සහ Google Apps අන්තර්ගත වනු ඇති බවයි.

එමෙන්ම Gizmochina වෙබ් අඩවියට නිවේදනයක් නිකුත් කරමින් Honor 50 series එකට අදාල ජංගම දුරකථන සම්බන්ධයෙන් ද මෙම පුවත සණාත කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව පැරණි Honor devices මෙන්ම මෙලෙස අලුතින් නිකුත් වීමට නියමිත devices ද Honor සමාගමේ MagicUI එක මගින් ක්‍රියාත්මක වනු ඇති අතර, ඊටම අනන්‍යය වූ පහසුකම් රැසක් ද ලබාදීමට නියමිත බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මෙම අලුත් සංස්කරණය ලැබෙන පළමුවැනි ජංගම දුරකථන මාදිලිය Honor 50 ජංගම දුරකථන series එක වනු ඇති බවත්, මෙය Qualcomm සමාගමේ අලුතින් හඳුන්වාදුන් Snapdragon 778G chipset එක මගින් බළගැන්වෙනු ඇති බවත් ඔවුන් ‍වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.