ඇමෙරිකානු වෙළඳ සම්බාධක හමුවේ Huawei සමාගම ඉතාමත් අසරණ භාවයට පත් කරමින් පසුගිය වසරක පමණ කාළසීමාව තුළ සිදුවූ සියළු සිදුවීම් පිළිබඳව වරින් වර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන්ගේ ජංගම දුරකථන සඳහා chips නිෂ්පාදනය කරනු ලැබූ HiSilicon ආයතනය මෙන්ම අනෙකුත් අනුබද්ධිත ආයතන ද ඉමහත් අපහසුතාවයකට මුහුණදෙනු ලැබුවා.

Huawei සමාගම Mate 40 Pro උපාංග නිෂ්පාදනය සඳහා අවශ්‍ය කොටස් ලබාගැනීමේ බරපතළ අභියෝගයකට මුහුණ දී තිබෙන බව වාර්තා වෙයි
Huawei සමාගම අලුතෙන්ම නිකුත් කළ සිය නවතම Samartphone එක වෙන්නේ Huawei Mate 40Pro ජංගම දුරකථනය වන අතර එය සීඝ්‍ර අලෙවිය නිසාවෙන් මේ වන විට out of stockතත්ත්වයට පත්වී තිබෙනවා. විශේෂයෙන්ම JD.com වෙබ් අඩවිය කිහිපවරක්ම සඳහන් කළ ආකාරයට මෙම නවතම flagship උපාංගයසඳහා අධික ඉල්ලුමක් ඇතිවී තිබෙන අතර සිය වෙබ්…

මේ වන විට Huawei සමාගමේ තවත් ප්‍රසිද්ධ වෙළඳ නාමයක් වන Huawei Honor ජංගම දුරකථන ව්‍යාපාරය Shenzhen Zhixin New Information Technology Co., Ltd. නම් වූ අලුතින් පිහිටුවන ලද වෙනත් චීන සමාගමකට විකුණා දැමීමට තීරණය කර තිබෙනවා.

Statement
Huawei’s consumer business has been under tremendous pressure as of late. This has been due to a persistent unavailability of technical elements needed for our mobile phone business. Huawei Investment & Holding Co., Ltd. has thus decided to sell all of its Honor business assets to Shenzhen Zhixin Ne…

මේ පිළිබඳව ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ පසුගිය කාළසීමාව තුළදී Huawei consumer business ජාලය‍ වෙත දැඩි පීඩනයක් එල්ල වූ බවත්, ජංගම දුරකථන නිෂ්පාදනය සඳහා අවශ්‍යය කොටස් නිෂ්පාදනය කිරීම හෝ ලබාගැනීමේ නොහැකියාව නිසාවෙන් Honor ව්‍යාපාරය හා සම්බන්ධ සියළුම සම්පත් Shenzhen Zhixin New Information Technology Co., Ltd. ආයතනයට විකුණාදැමීමට තීරණය කළ බවයි.

මෙම තීරණය ගැනීමට සිදු වූයේ Honor වෙළඳනාමයේ පැවැත්ම ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍යය නිසාවෙන් වන බවත්, මෙම ගණුදෙනුව අවසානයේදී ඉහත සඳහන් කළ සමාගමේ කොටස් Huawei සමාගමට අයත් නොවන බව මෙන්ම කිසිඳු ආකාරයක විධායක බලයක් ද Huawei සමාගම සතු නොවනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

2013 වර්ෂයේදී ආරම්භ කළ Honor වෙළඳනාමය තරුණ පරම්පරාව ඉලක්ක කරගෙන low-end වල සිට mid-range දක්වා වන විවිධ ජංගම දුරකථන මාදිලි එළිදැක්වීමට කටයුතු කළ බවත්, වසරකට ජංගම දුරකථන ඒකක මිලියන 70ක පමණ අලෙවියක් මෙම සමාගම සතුව පැවති බවත් Huawei සමාගම තම නිවේදනයෙහි සටහන් කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.