TikTok සේවාව සමඟින් එකතු වී සිටින මාසික active පරිශීලකයින් ප්‍රමාණය බිලියනය ඉක්මවා ගිය පුවත අපේ Instants කෙටි පුවත් සේවාව හරහා ඔබට සමීප කළ බව ඔබට මතක ඇති.

Facebook ආයතනයද TikTok සේවාවට සමාන කෙටි වීඩියෝ (short-form video) එක් කිරීමේ විශේෂාංගයක් Facebook Reels නමින් Facebook වෙත එක් කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම විශේෂාංගය තවම ලබා දී ඇත්තේ ඇමරිකාවේ Facebook පරිශීලකයන්ට පමණි.

Source: Facebook

User friendly සහ අන්තර්ජාලය තුළ විශාල පරිශීලකයන් සංඛ්‍යාවක් භාවිතා කරන සමාජ මාධ්‍යක් ලෙස Facebook සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ඉක්මනින් සියළු දෙනා අතර මෙම විශේෂාංගය ජනප්‍රිය වේ යැයි අපට සිතිය හැක. TikTok ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක තහනම් කර ඇති පසුබිමක Facebook Reels එම පරිශීලකයන්ගේ මීළග Creator Platform එක ලෙස හැදින්විය හැකිය.

TikTok තහනමෙන් පසු Instagram වල Reels විශේෂාංගය ඉන්දියාව තුළ අත්හදාබැලීමට Facebook ආයතනය කටයුතු කරයි
ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok ඇතුළු තවත් apps ගණනාවක් අවහිර කර දැමීමට ඉන්දියානු රජය පියවර ගත් බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. ජාතික ආරක්ෂාව

Facebook Reels, music, audio, effects වැනි විවිධ දෑ භාවිතා කරමින් නිර්මාණය කළ හැක. එමෙන්ම පරිශීලකයන්ට මේවා NewsFeed එකෙන් හෝ Facebook Groups හරහා පහසුවෙන් සොයා ගැනීමෙ හැකියාව තිබෙනවා. මෙම වීඩියෝ නැරඹීමේදී පරිශීලකයා හට වීඩියෝවට Like කිරීමට, Comment කිරීමට, Share කිරීමට වගේම Creator ව සෘජුවම Follow කිරීමේ හැකියාව ලැබෙනවා.

Source: Facebook

මෙම පහසුකම සඳහා Facebook Groups එකාබද්ධ කිරීම ඉතාමත් කැපී පෙනෙන ලක්ෂණයකි. Facebook Reels වීඩියෝ Creators ලට ඔවුන්ගේ වීඩියෝව NewsFeed එක හා එක් කිරීමටද Groups වෙත එක් කිරීමට හැකියාව ද, සෘජුවම Groups වෙත එක් කිරීමේ හැකියාව ද ලබා දී තිබෙනවා. Facebook Groups වල වෙනමම tab එකක මෙම වීඩියෝ ප්‍රදර්ශනය කිරීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා. මෙමගින් Facebook ආයතනය බලාපොරොත්තු වන්නේ Groups Active ලෙස පවත්වා ගැනීමටයි.

Sync Instagram Reels with Facebook Reels 

Cross-App විශේෂාංගයක් ලෙස Instagram පරිශීලකයන් හට මීට පෙර ලබා දී තිබූ Instagram Reels, Facebook Reels හා Sync කර ගැනීමේ හැකියාව පවතිනවා. මෙමගින් Facebook Reels වලට ඉතාමත් ඉහල reach ප්‍රමාණයක් ලබා ගත හැකි බව එම ආයතනය වැඩි දුරටත් සදහන් කර තිබුණා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා SocialMediaToday වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.