පසුගිය මාර්තු මාසයේ පැවැත්වුණු Apple Showtime event එක අතරතුරදී Apple සමාගම විසින් ඔවුන්ගේ Apple Card එක හඳුන්වාදීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Apple Showtime Event එක අතරතුර එළිදැක්වුණු වැදගත් එළිදැක්වීම් 5ක් ගැන දැනගනිමු
Apple සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම event එක ඊයේ දිනයේ Steve Jobs Theater හි දීපැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ බව[/apple-confirms-march-25th-event-expected-to-announce-new-tv-service/] අපි ඔබවමේ මාසයේ මුල් දිනවල වාර්ථා කළා මතක ඇති. අප අනාවැකි පළ කළ ආකාරයෙන්ම Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම එළිද…

මේ Apple Card එක Titanium ලෝහය භාවිතා කරමින් නිර්මාණය කිරීමට මොවුන් කටයුතු කර ඇති බවත්, එය ඉතාමත් අලංකාර ආකාරයේ නිමාවක් ලබාදීමට ද Apple සමාගම කටයුතු කර ඇති බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.

කොහොම නමුත් මේ card එකෙහි එක් පැත්තක් මුවහත් කිරීම හරහා එය ඉතාමත් තියුණු පිහියක් ලෙස භාවිතා කළ හැකි බව YouTuber කෙනෙකු විසින් පෙන්වා දෙනවා.

Titanium ලෝහය නිසාවෙන් මෙය ඉතාමත් ශක්තිමත් මෙන්ම හොඳින් මුවහත තිබෙන පිහියක් ලෙස භාවිතා කළ හැකි බවත්, මේ ආකාරයේ පිහියක් ලෙස භාවිතා කිරීමට Apple Card එකක් ම අවශ්‍යය නොවන අතර ඕනෑම ලෝහ credit card එකක් මේ වෙනුවෙන් භාවිතා කළ හැකි බවත් The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

කොහොම නමුත් මේ ආකාරයේ අනතුරුදායක දෙයක්, එනම් මුවහත් කරනු ලැබූ credit card පතක් වැනි දෑ අනතුරුදායක බවත්, airport වලදී සිදු කරනු ලබන පරීක්ෂා කිරීම් වලදී මෙවැනි දෑ ඉවත් කරනු ලබන බවත්, එවැනි දෑ ළඟ තබාගැනීමෙන් ගැටළු ඇතිවිය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Gizmodo වෙබ් අඩවිය භාවිතා කළ හැක.