සෑම වසරකම තාක්ෂණික ලෝලීන් සෑමදෙනාගේම පාහ‍ේ අවධානය යොමුවන Event එකක් වන Google I/O 2019 Event එක පසුගිය 7 වැනිදා පැවැත්වීමට Google සමාගම කටයුතු කළා.

එමෙන්ම මේ Event එක ගැන සිංහලෙන් විස්තර සහිතව Live අත්දැකීමක් technews.lk/live හරහා මෙන්ම Techie Android App එක හරහා ඔබ වෙත සමීප කරනු ලැබූ අතර එම සජීවී අත්දැකීම අතරතුර දැනුවත් කළ තොරතුරු විස්තර සහිතව ඉදිරිපත් කිරීමට මෙම ලිපිය හරහා බළාපොරොත්තු වෙනවා.

මීට අමතරව මෙම Video එක හරහා මේ event එකේ සාරංශය මිනිත්තු කිහිපයක් ඇතුලත දැනගැනීමේ හැකියාව ලැබෙනවා.

Google Pixel 3A හා 3A XL ජංගම දුරකථන

Google I/O 2019 Event එක අතරතුර කාගේත් අවධානයට ලක් වුණු, Google සමාගමේ අලුත්ම mid-range Device එක වන Pixel 3a හා Pixel 3a XL ගැන මීට පෙර ලිපියක් මගින් ඔබව ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

ඉතින් බොහෝ දෙනා බලාපොරොත්තු වූ ආකාරයට $399 ක් වැනි මුදලකට පහසුකම් රැසක් සමගින් Pixel 3 flagship model එකේ තිබෙන බොහෝමයක් පහසුකම් ද සමඟින් මේ ජංගම දුරකථනය හදුන්වාදීමට Google සමාගම කටයුතු කළා.

මෙම Devices එක වරක් full charge කළ විට පැය 30ක කාලයක් භාවිතා කළ හැකි බවත් මිනිත්තු 15ක් charge කිරීමෙන් පැය 7ක් පමණ භාවිතා කිරීමේ හැකියාව තිබෙන බව Google සමාගම ප්‍රකාශ කරනවා.

Super Res Zoom පහසුකම

එමෙන්ම Pixel 3 flagship model එක සතු විශේෂිත පහසුකම් වන Night Sight, Super Res Zoom පහසුකම වගේම ඉදිරිපස හා පසුපස කැමරා දෙක හරහාම portrait mode පින්තූර ලබා ගැනීමේ පහසුකම ඇතුලුව පහසුකම් රාශියක් මෙහි අන්තර්ගත වෙනවා.

කොහොම වුණත් Waterproof සහ wireless charging වැනි පහසුකම් මේ Pixel 3a ජංගම දුරකථනයට අන්තර්ගත වන්නේ නැති බව දැකගතහැකි වෙනවා.

Camera එකක් සහිත Google Nest Hub එක

Google Home යන brand name එක Google Nest යන නාමයට වෙනස් කිරීමට Google සමාගම කටයුතු කළ අතර Nest camera, Google Home Hub සහ Google Home Max යන devices සියල්ල එකතු කොට Google Nest Hub Max යන නමින් අලුත්ම device එකක් හඳුන්වා දීමට කටයුතු කරනු ලැබුවා.

Home Hub එකට මෙතෙක් කල් එකතු කර නොතිබූ අංගයක් වන කැමරාව ‍Google සමාගම Google Next වෙත එකතු කර තිබෙන අතර එය හරහා දිගු පාරාසයක් ආවරණය වන පරිදි විඩියෝ සංවාද පැවැත්වීමට වගේම AI සහ Facial recognition භාවිතා කරමින් පුද්ගලයා හඳුනාගෙන, ඊට අදාල ලෙස results ලබා දීමට මෙයට හැකියාව තිබෙනවා.

එමෙන්ම මේ facial recognition දත්ත කිසිවක් අන්තර්ජාලය හරහා හුවමාරු නොවන බවත්, මේ device එක ඇතුලතදීම ඊට අදාල processing කටයුතු සිදු කරනු ලබන බවත් Google සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.

මීට අමතරව YouTube Music එකක් Play කරමින් සිටින අතරතුර අතින් සංඥා කර music එක pause කරන්නත් Security Camera එකක් ලෙස ක්‍රියාත්මක වෙමින් බාහිර පුද්ගලයන් හඳුනාගනිමින් දැනුම් දීම වැනි පහසුකම් ද මේ Google Nest device එක වෙත අන්තර්ගත කර තිබෙනවා.

Android Q ගැන

Android Q කියන්නේ මෙවර Google I/O event එක අතරතුර විස්තර කළ තවත් ප්‍රධාන මාතෘකාවක් වූ අතර බොහෝ දෙනාගේ අවධානය මේ කෙරෙහි යොමු වුණා.

මීට කලින් Android Q වල beta 1 සහ beta 2 සංස්කරණ නිකුත් කරන්නට Google සමාගම කටයුතු කර තිබූ අතර මෙම event එක අතරතුරදී මෙහි beta 3 සංස්කරණය ජංගම දුරකථන 21ක් සඳහා නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ Android Q මෙහෙයුම් පද්ධතිය foldable devices, එහෙමත් නැතිනම් නම්‍යශීලී display සහිත ජංගම දුරකථන සඳහා සහාය දක්වන අතර විශේෂයෙන්ම 5G තාක්ෂණය සඳහා ද native support කරනු ලබනවා.

එමෙන්ම System-wide dark mode පහසුකම හරහා සියළුම standard apps සඳහා dark mode එක හඳුන්වා දී තිබෙන අතර තම ජංගම දුරකථනය පාලනයකින් යුතුව භාවිතයට උපකාරී වන Focus Mode සහ Gmail වලට හඳුන්වා දුන් Quick reply පහසුකමට සමාන Smart Reply වැනි පහසුකම් කිහිපයක් ද හඳුන්වාදීමට කටයුතු කළා.

Live Subtitle පහසුකම

Android Q සමඟින් ඕනෑම video එකක් නරඹන විට live caption පහසුකම හරහා real-time subtitle පහසුකම භාවිතා කිරීමේ හැකියාව ලැබෙන අතර මේ හරහා ඔබ record කරනු ලැබූ video එකක් හෝ වෙනත් ඕනෑම video එකක ඇති audio tracks වලට අදාල transcription එක එම වේලාවේදීම තිරයේ දිස් වනු ඇත.

මීට අමතරව phone call එකක් අතරතුරදී ද මේ පහසුකම හරහා අනෙක් පුද්ගලයා විසින් කතා කරන දෑ එම මොහොතේදීම ජංගම දුරකථන තිරයේ දර්ශනය කරගැනීමට හැකියාව ලැබෙනවා.

Google සමාගම පවසන ආකාරයට ශ්‍රව්‍ය ආබාධිත සහිත පුද්ගලයන්ට වගේම ඝෝෂාකාරී ස්ථානයක සිටින කෙනෙකුට අනෙකා ලබාදෙන පණිවිඩය නිවැරදිව ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

Google Maps සඳහා අලුතින් එකතු වන විශේෂාංග

Google Chrome වල පවතින Incognito mode එක ගැන මීට පෙර ලිපියකින් ඔබව දැනුවත් කලා මතක ඇති.

ඔන්න දැන් location හා search tracking අවම කිරීමේ අරමුණින් Google සමාගම විසින් Google Maps වලටත් මේ Incognito mode එකක් හදුන්වා දීමට කටයුතු කර තිබෙන අතර ඔවුන් මේ තුළින් බලාපොරොත්තු වනුයේ තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට Google Maps භාවිතා කරන්නන් හට අවස්ථාව ලබා දිමයි.

මීට අමතරව Google සමාගම විසින් Google maps හා AR තාක්ෂණය භාවිතා කරමින් යම් කිසි නොදන්නා ස්ථානයක් සොයා ගැනිමේ පහසුකම ඉතාමත් ප්‍රයෝජනවත් ආකාරයට වැඩිදියුණ කර තිබෙනවා.

මේ හරහා ඔබේ Device එකේ කැමරාව භාවිතා කරමින් ඔබ යා යුතු නිවැරදි ස්ථානය සිත් ඇදගන්නා හා ඕනෑම කෙනෙකුට තේරෙන ආකාරයට පෙන්වීමට Google maps වලට හැකියාව ලැබෙනවා.

Google Lens ගැන

බොහෝ වෙලාවට අපි Restaurant එකක menu එකක් එකවර බැලූ පමණින් මිලදී ගැනීමට සුදුසු කුමක්ද? වඩාත් හොද කුමන ආහාරය ද යන වග අනුමාන කරන්න අපහසුයි.

ඉතින් අන්න ඒ ගැටලුවට විසදුමක් දෙන්න Google Lens දැන් සූදානම් බව Google I/O Event එක අතරතුර Google සමාගම නිවේදනය කරනු ලැබුවා.

නවතම Google Lens සංස්කරණය හරහා Restaurant එකක menu එකක් scan කිරීම මගින් එම ආහාර ගැන විස්තර දැනගන්න හැකියාව ලැබෙන අතරම ඒ හා සම්බන්ධ පින්තූර බලන්නත්, ඒ ආහාරය සම්බන්ධ වෙනත් අයගේ Reviews පහසුවෙන් බලාගන්නත් හැකියාව ලැබෙනවා.

මීට අමතරව Receipt එකකට camera එක point කළ විට calculator එක open වෙන අතර ඒ හරහා අදාල bill එකට tip එකක් ඇතුළු කොට කිහිපදෙනෙකුට එම ගණන බෙදීමට හැකියාව ලැබෙන අතරම එහි සඳහන් වන දෑ වෙනත් භාශාවකට පරිවර්ථනය කර එම අවස්ථාවේදීම අසන්නට හැකියාව ලැබෙනවා.

Google Duplex ගැන

පසුගිය Google I/O Event එක අතරතුර තනිවම Appointment එකක් Book කිරීම වැනි කාර්යයන් කළ හැකි Google Duplex වැඩසටහන ගැන තොරතුරු Google සමාගම හෙළි කරනු ලැබුවා.

ඔන්න දැන් මේ තාක්ෂණය තවත් ඉදිරි පිම්මක් ඉදිරියට පැමිණෙමින් Duplex භාවිතා කරමින් වෙබ් අඩවි හරහා ලබාදෙන car rentals හා movie tickets වැනි සේවා වලට පිවිස එම සේව‍ාවවන් ඔබ වෙනුවෙන් book කිරීමට ද හැකියාව ලබා දී තිබෙනවා.

එමෙන්ම Google සමාගම පවසන ආකාරයට කටහඬ හදුනාගනිමින් පුද්ගලයන් හදුනාගෙන එක් එක් පුද්ගලයාගේ රුචි අරුචි කමි වලට ගැලපෙන ආකාරයට ක්‍රියාකිරීමේ හැකියාව මෙන්ම personalized results එකක් නැතහොත් එම පුද්ගලයගේ රුචිකත්වය මත පදනම් වූ Search Result එකක් ලබාදීමට Google Assistant ට හැකියාව ලැබී තිබෙනවා.

මීට අමතරව Google assistant භාවිතා කිරීමේදී සෑම action එකක් සඳහා ම Hey Google යන විධානය භාවිතා කළ යුතුව තිබුණත්, continued conversation පහසුකම හරහා එම තත්ත්වය ඉවත් කිරීමටත්, Alarm එකක් වැනි දෙයක් නාද වන විට Stop වැනි කෙටි පදයක් පමණක් භාවිතා කර එය නැවැත්වීමේ හැකියාවත් මෙයට එකතු වෙනු ලබනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීමට The Verge වෙබ් අඩවිය හා Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.