Google Pixel Buds වල දෙවන පරම්පරාව, එහෙමත් නැතිනම් Google Pixel Buds 2 සංස්කරණය Made by Google 2019 event එක අතරතුරදී ප්‍රකාශයට පත්කරනු ලැබූ බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

Google සමාගම විසින් Made by Google 2019 event එක අතරතුර සිදු කළ ප්‍රධානතම එළිදැක්වීම් ගැන දැනගනිමු
Google සමාගමේ වාර්ෂිකව පැවැත්වෙන hardware event එක වන Made by Google event එකේමේ වර්ෂය සඳහා වූ event එක ඊයේ දිනයේ New York නගරයේදී පැවැත්වීමට කටයුතු කළා. ලොව පුරා බොහෝ දෙනෙකු මේ event එක දෙස නොයිවසිල්ලෙන් බළා සිටින්නේ මෙහිදී ප්‍රධානවශයෙන්ම Google Pixel ජංගම දුරකථන මාලාවේ අලුත්ම ජංගම දුරකථනය එළිදැ…

Google සමාගම සදහන් කලේ “Spring 2020”, එනම් මෙම වසරේ මාර්තු - ජුනි මාස වනවිට ඒවා ලබාගත හැකි බව වන අතර මේ වන විට Pixel Buds 2, නිළ වශයෙන්, කලින් සඳහන් කළ මිල වන ඇමෙරිකානු ඩොලර් 179ක මුදලකට වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පළමු පරම්පරාවේ Pixel Buds මෙන් නොව දෙවන පරම්පරාවේ Pixel Buds වල කිසිදු ආකාරයක wire මගින් සම්බන්ධ වීමක් නොමැති අතර මෙය True Wireless ආකාරයට නිර්මාණය කර තිබෙනවා.

View post on imgur.com

කොහොම නමුත් design එක බොහෝදුරට පළමු පරම්පරාවේ Pixel Buds වලට සමාන වූවත් මෙම නව Pixel Buds “sporty” පෙනුමක් සහිතය.

Google සමාගම පවසන ආකාරයට මෙම Pixel Buds 2 සංස්කරණය ගෘහස්ථව සිටින විට කාමර තුනක් හරහාද පිටත සිටින විට මුළු පාපන්දු පිටියක කෙළවර දක්වාද සම්බන්ධතාවය පවත්වාගෙන යාමට හැකියාව පවතී.

එක් වරක් charge කිරීමකින් පැය 5ක battery ආයු කාලයක් ලබාගැනීමට හැකි බවත්, wireless charging case එක මගින් පැය 24ක playtime එකක් ලබාගැනීමට හැකියාව පවතින බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Clearly White Pixel Buds 2 සංස්කරණය පමණක් Google Store, Best Buy, සහ තවත් වෙළද සැල් මගින් 179$ වැනි මුදලකට ඉදිරි සති කිහිපය තුළදී ලබාගත හැකි අතර Almost Black, Quite Mint, සහ Oh So Orange යන වර්ණ ඉදිරි මාසය වනතෙක් ලබාගැනීමට නොහැකි බවද වැඩිදුරටත් සදහන් වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Google නිළ Blog අඩවිය සහ XDA-developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.